භානුක අමරසිංහ
ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 500 කින් සිය ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට සාර්ථක ලෙස සමත් වූ බව පවසයි. මෙහිදී විශ්වාස සහතිකයක් (Trust Certificates) ලෙස ලබා ගත් ණයක් ලෙස මෙම මුදල ලබා ගත් බව එම සමාගම පවසයි. ඒ සඳහා වන ස්ථාවර වාර්ෂික පොලිය සියයට 12.50 කි. වසර පහකදී ආපසු ගෙවන ලෙස මෙම ණය මුදල ලබා ගෙන තිබේ.
මෙම ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රෙගුලාසි යටතේ පවතින මූල්‍ය උපකරණයක් බවත්, ඒ සඳහා වන අනුමැතියද මහ බැංකුවෙන් හිමිව තිබෙන බවත් එම සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම රුපියල් මිලියන 500 ක මුදල අදියර II ප්‍රාග්ධනයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමක් හිමි කරගෙන ඇතැයිද සමාගම පවසයි.
මෙම උපායමාර්ගික මුලපිරීම ෆින්ට්‍රකේස් ෆිනෑන්ස්හි ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීමටත්, අදාළ ප්‍රාග්ධන නියාමන අවශ්‍යතා සපුරමින් සිය වර්ධන සැලසුම් සඳහා සහයෝගයක් වනු ඇති බවත් සමාගම සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
121
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් ප්‍රාග්ධනය රු.මි. 500 කින් ඉහළ නංවාගනී