IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හැරීගේ පුත් හසිතට මෙල්ස්ටාකෝප් සභාපතිත්වය එයිට්කන් ස්පෙන්ස් සභාපති දියණිය ස්ටෂානි

ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් හසිත ජයවර්ධන මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) ආයෝජන හිමිකාරිත්වයේ සභාපති ලෙසත් හැරී ජයවර්ධන මහතාගේ බාල දියණිය ස්ටෂානි විවිධාංගීකරණය වූ බ්ලූ චිල් එයිට්කන් ස්පෙන්ස්  (Aitken Spence PLC) සමාගමේ සභාපතිනිය ලෙසත් පත් කර ඇත.

ඊට අමතරව‍ කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය, වෙළෙඳාම, අපනයනය ඇතුළු තේ වෙළෙඳාමේ සම්බන්ධයෙන් අත්දැකීම් බහුල හසිත එස්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගමේ සහ බලංගොඩ සහ මඩුල්සිම වැවිලි සමාගම්වල සභාපතිවරයා ලෙස ද පත් කරනු ලැබ තිබේ. 

හසිත ජයවර්ධන මහතාට එක්සත් රාජධානියේ කෙන්ට් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිය. දිවංගත පියා වන හැරී ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ සමාගම් කළමනාකරණයේ වසර 12 කට වැඩි පළපුරුද්දක් ද ඔහුට ඇත. ඔහු මෙල්ස්ටාකෝප් සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ සහ උපාය මාර්ගික මඟ පෙන්වීම් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි.

ස්ටෂානි, මීට පෙර, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සම නියෝජ්‍ය සභාපති සහ සම කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කර කරමින් සිටියාය. ඇය පළමු කාන්තා සහ ළාබාලතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාව ද වූවාය. ඇය එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ස් සහ බ්‍රවුන්ස් බීච් හෝල්ඩින්ස් හි සභාපතිනිය ලෙසත්, ලංකා මිල්ක් ෆූඩ්  (Lanka Milk Foods (CWE) PLC)  යන සමාගම්වල නියෝජ්‍ය සභාපතිනිය ලෙසත් කටයුතු කළ අතර මෙල්ස්ටාකෝප් සහ ඩිස්ටිලරීස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙසත් එම තනතුරු හොබවයි.

ඇය එක්සත් රාජධානියේ ශාන්ත ජේම්ස් සහ ලු‍සී ක්ලේටන් විද්‍යාලයේ සහ කීලේ විශ්ව විද්‍යාලයේ, සිංගප්පූරුවේ කළමනාකරණ ආයතනයේ උපාධිධාරිනියක් වන අතර එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 2003 දී ඇය එක්සත් ජනපද සෙනෙට් සභික හිලරි ක්ලින්ටන් සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ සේවය කළ ළාබාලතම සීමාවාසිකවරිය ද වීම විශේෂත්වයකි. 



අදහස් (0)

හැරීගේ පුත් හසිතට මෙල්ස්ටාකෝප් සභාපතිත්වය එයිට්කන් ස්පෙන්ස් සභාපති දියණිය ස්ටෂානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site