IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හෙළ ඇපරල් කර්මාන්ත ශාලා දෙකක් රු. බි. 2.7කට සිංගප්පූරු සමාගමකට විකුණයි

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම ඇඟලු‍ම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී, සිය පරිපාලිත සමාගම් දෙකක පූර්ණ හිමිකාරීත්වය සිංගප්පූරු සමාගමක් වෙත අලෙවි කිරීම සඳහා වන එකඟතාවට පිවිසීම පසුගිය ජූනි 06 වැනිදා සිදුකළ බව පවසයි. 
සමාගමේ ගෝලීය නිෂ්පාදන මෙහෙයුම් සම්බන්ධයෙන් වර්තමානයේදී සිදු කරන උපායමාර්ග ප්‍රතිසංස්කරණ යටතේ මෙම අලෙවිය සිදුකළ බව සමාගමේ අදහස වී තිබේ. විශේෂයෙන්ම සරල ව්‍යුහාත්මක සැකැස්මක් යටතේ සමූහයේ කාර්යසාධනය ඉහළ දැමීමේ අරමුණ ද ඊට හේතුව වී ඇත. 
“ඉදිරි මූල්‍ය වර්ෂවලදී අපගේ මෙහෙයුම් ආරක්ෂා කරගැනීම සහ දිගුකාලීන තරගකාරිත්වය දියුණු කරගැනීමත් අරමුණක්.” යනුවෙන් සමූහය පවසයි. පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය මේ පිළිබඳව සඳහන් කර තිබේ.  ඒ අනුව සමූහයට අයත් හෙළ ක්ලෝතින් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ෆවුන්ඩේෂන් ගාර්මන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සතුව නාරම්මල සහ මාවතගම පිහිටි නිෂ්පාදන පරිශ්‍ර දෙකක්, එහි මෙහෙයුම්, සේවකයන්, වත්කම් ඇතුළත්ව මෙලෙස සිංගප්පූරුවේ Q Collection Pte Ltd නම් සමාගමක් වෙත රුපියල් බිලියන 2.7 ක මුදලකට අලෙවි කර තිබේ. 
“මෙම Q Collection සමාගම සිංගප්පූරුවේ පිහිටි ගෝලීය ඇඟලු‍ම් සන්නාම සඳහා වඩාත් ඉහළ ගුණාත්මක බවින් යුත් ඇඟලු‍ම් නිෂ්පාදන විසඳුම් ලබාදීමේ සමාගමක්. ඉදිරියේදී එම සමාගම හා එක්ව හෙළ සමූහයේ ගෝලීය හවුල්කරුවන්ගේ ඇණවුම් සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් ද හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පවසයි. 
මේ අතර, අදාළ පැවරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ උපදෙස් අනුව සිදුකළ බවත් එම සමාගම සඳහන් කරයි. එහිදී පසුගිය මැයි 14 වැනිදා එම මණ්ඩලය මෙම ගනුදෙනුව සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.



අදහස් (0)

හෙළ ඇපරල් කර්මාන්ත ශාලා දෙකක් රු. බි. 2.7කට සිංගප්පූරු සමාගමකට විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site