IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හේලීස් සත්ව සෞඛ්‍ය අංශයට ජත්‍යන්තර ප්‍රමිති සහතික


මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුයකු වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. 

ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික සමඟින් සිය නිෂ්පාදනවල තත්ව කළමනාකරණය, පාරිසරික තිරසාරත්වය, ආහාර සුරක්ෂිතතාව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිෂ්පාදන පිළිවෙත්වල ඉහළම ප්‍රමිති ආරක්ෂා කිරීම හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි අරමුණයි.

ප්‍රමිති සහතික ප්‍රදානෝත්සවය, හේලීස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂිකා සහ හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ලු‍ෂාන් අබේසේකර, හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි අධ්‍යක්ෂ සහ හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි, හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි පර් යේෂණ, සංවර්ධන සහ නව ව්‍යාපෘති කළමනාකරු පශු වෛද්‍ය චතුර ප්‍රියදර්ශන, සහ සමූහයෙහි අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සපුගස්කන්ද හි පිහිටි එම නිෂ්පාදන කර්මන්තශාලාවේදී උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. ජාත්‍යන්තර සහතික කිරීමේ ආයතනය නියෝජනය කරමින්, ඕස්ට්‍රේලියාවේ Business Certification Systems ආයතනයෙ හි අධ්‍යක්ෂ සෑම් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 



අදහස් (0)

හේලීස් සත්ව සෞඛ්‍ය අංශයට ජත්‍යන්තර ප්‍රමිති සහතික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site