භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීමේ අදහසින් නිකුත් කරන ණයකර නිකුතුව ලබන මැයි 05 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව පවසයි.
ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි පස් අවුරුදු (2025-2030) ණයකර නිකුතුවක් ලෙස මෙය නිකුත් කෙරේ.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5කි.
ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කරන බව සමාගම පවසයි. එම ණයකර කොටසක්ද රුපියල් 100කට මිල කෙරී තිබේ.
ඒ අනුව මෙම අවස්ථා දෙක හරහා නිකුත් කරන ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 70ක් වන අතර, එම සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 7කි. මෙම ණයකර නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය අප්‍රේල් 25 දා එළිදැවුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හේලීස් රු.බි.7ක ණයකර නිකුතුව මැයි 05 විවෘත කෙරේ