IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හේලීස් ණයකර නිකුතුවට Fitch වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරිමක්

භානුක අමරසිංහ

හේලීස් සමූහය කොළඹ කොටස් හුවමාරුව තුළ සැලසුම් කර ඇති රුපියල් බිලියන 7 ක ණයකර නිකුතුව සඳහා AAA(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බවත් Fitch Ratings ආයතනය පවසයි. මෙම ණයකර නිකුතුව ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි ණයකර නිකුතුවක් ලෙස ඉදිරිපත්ව තිබේ.

එම සමාගම පසුගියදා මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව අනාවරණය කළ අතර, ඒ සඳහා අදාළ නියාමන ආයතනවල සහ සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් කර තිබුණි. 

මේ අතර 2024/25 මූල්‍ය වර්ෂය අවසානයේදී හේලීස් පීඑල්සී සමූහයෙහි ආදායම සියයට 10 කින් ඉහළ යනු ඇතැයිද Fitch Ratings ආයතනය පවසයි. ඒ අනුව මෙය පෙර මූල්‍ය වර්ෂයේදී සමාගම පෙන්නුම් කළ සියයට 12 ක ආදායම් අඩුවීමට සාපේක්ෂව යහපත් තත්වයක් බවත් ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

හේලීස් ණයකර නිකුතුවට Fitch වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site