IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හේමාස් අවුට්රීච් පදනම වතුකරයේ ‘පියවර’ පෙරපාසල විවෘත කරයි

හේමාස් අවුට්රීච් පදනම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අවම වරප්‍රසාදිත වතුකර දරුවන් වෙනුවෙන් පියවර’ පෙර පාසලක් නුවර එළිය පෙඩ්රෝ වතු යායේ විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. හේමාස් අවුට්රීච් පදනම යනු ශ්‍රී ලංකාවේ මුල් ළමා විය සංවර්ධනයේ අර්ථවත් පරිවර්තනයක් වෙනුවෙන් කැප වී කටයුතු කරන ශ්‍රී ලංකාවේ කිර්තිමත් පදනමකි. 
වැවිලි මානව සංවර්ධන භාරය [Plantation Human Development Trust (PHDT)] සහ කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම සමග එක්ව, හේමාස් අවුට්රිච් පදනමේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම පෙර පාසල, රටේ විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ප්‍රජාවට අයත් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව උදා කර දීම සඳහා හේමාස් සමූහය දරන පුළුල් ප්‍රයත්නයක එක් වැදගත් ඉදිරි පියවරකි. 
මෙම නව පෙර පාසල හරහා වතුකරයේ අවම වරප්‍රසාදීත දරුවන් 50 දෙනකුට, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දෙනු ඇත. මෙවැනි ප්‍රජා සත්කාර ඔස්සේ මෙරට පෙරපාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා අවම කරමින්, අවම වරප්‍රසාදිත දරුවන්ටද මුල් ළමාවිය සංවර්ධන වටපිටාවකින් නිසි අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, රටේ සියලු‍ම දරුවන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීම හේමාස් අවුට්රීච් පදනමේ අරමුණ වී තිබේ.
පෙඩ්රෝ වතු යාය තුළ අලු‍තින් ආරම්භ කරන ලද මෙම පෙර පාසලත් සමග හේමාස් අවුට් රිච් පදනම රට පුරා ස්ථාපිත කර ඇති පියවර පෙර පාසල් සංඛ්‍යාව 71 ක් බවට පත් ව ඇති අතර මේ වන විට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පියවර පෙරපාසල් 5ක් ඉදිවෙමින් පවතී. මෙවැනි සමාජ සත්කාර ඔස්සේ විශේෂයෙන්ම වතුකරයේ ජනතාව ඇතුළුව විවිධ ගැටලු‍වලට මුහුණ දී සිටින ප්‍රජාවට අයත් පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් මුහුණ දීමට සිදු වූ බාධා අවම කිරීමට හේමාස් අවුට්රීච් පදනම උත්සාහ දරමින් සිටී. 
“වතුකරය තුළ ප්‍රථම වරට පියවර පෙර පාසලක් විවෘත කිරීම හේමාස් අවුට්රීච් පදනමේ සමාජ මෙහෙවරේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. දරුවන්ට කුඩා අවධියේ සිටම අධ්‍යාපනය සඳහා නිසි අවස්ථා උදා කර දීමෙන් ඔවුන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උරුම කර දෙන අතරම, ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවට යහපත සැලසීමටත් අපට හැකියාව ලැබෙනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සභාපති අබ්බාස් යුසුෆලි මහතා පැවසීය. 
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග එක්ව ක්‍රියාත්මක කරන පියවර පෙර පාසල් වැඩසටහන දශක දෙකක කාලයක් පුරා මෙරට මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබේ. මෙම වැඩසටහන මේ වන විට මෙරට ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘති අතර වඩාත්ම සාර්ථක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව අතරින් එකක් බවට පත් වී ඇත. 
සෑම දරුවකුටම අධ්‍යාපනය, වර්ධනය හා සාර්ථකත්වය උදෙසා සමාන අවස්ථා උදා කර දිය යුතු බව හේමාස් අවුට්රීච් පදනම විශ්වාස කරයි. පෙඩ්රෝ වතු යාය තුළ ආරම්භ කරන ලද මෙම පෙර පාසල, එම විශ්වාසය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා දරන උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයකි. මෙවැනි සමාජ සත්කාර ඔස්සේ ලංකාවේ කිසිදු දරුවකුට අසාධාරණයක් සිදු නොවන පසුබිමක් නිර්මාණය කිරීම සඳහා හේමාස් සමූහය කැප වී සිටී. 

 



අදහස් (0)

හේමාස් අවුට්රීච් පදනම වතුකරයේ ‘පියවර’ පෙරපාසල විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 288 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site