IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට වරායෙන් HSFO නෞකා ඉන්ධන පහසුකම්

 

  • පැයකට මෙට්‍රික් ටොන් 400ක ධාරිතාවකින් තෙල් පොම්ප කරන විශේෂ පද්ධතියක්
  • ලංකාවේ ස්ථානය තවත් ශක්තිමත් කිරීමක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2025 ජනවාරි මස, වැඩි සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (HSFO) සාර්ථකව හඳුන්වා දී, තම ඉන්ධන සැපයුම් සේවාව පුළුල් කළේය. 

මෙම නව හඳුන්වාදීමත් සමග අඩු සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (VLSFO), සමූද්‍රීය ගෑස් ඉන්ධන සහ සමූද්‍රීය ඩීසල් ඉන්ධන (MGO/MDO) ඇතුළු පූර්ණ ඉන්ධන සේවා වරාය විසින් සපයනු ඇත. එතුළින් ලොව වඩාත් කාර්යබහුල මාර්ගයක් ඔස්සේ යාත්‍රා කරන පුළුල් පරාසයක නෞකාවලට සේවා සැපයීමට HIP සූදානමින් සිටිනවා මෙන්ම, ගෝලීය සමුද්‍ර භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නංවනු ඇත.

HSFO ඉන්ධන සැපයුමත් සමග සම්පූර්ණ නෞකා තෙල් සැපයීමේ පහසුකම් දියත් කිරීමෙන් ලොව ප්‍රමුඛ සමුද්‍රීය ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස HIP ස්ථානගත කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් හැකි වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව් මහතා පවසයි. ”‍පුළුල් සේවා සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කීර්තියත් සමඟ, HIP සමුද්‍රීය වෙළෙඳාම සහ ඉන්ධන සැපයුම් සඳහා ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස ප්‍රසිද්ධිය ලබමින් සිටිනවා. මෙම ව්‍යාප්තියෙන් අපගේ සේවා පරාසය පුළුල් වනවා පමණක් නොව, ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සමුද්‍රීය ක්‍රියාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය වඩාත් ශක්තිමත් කරනවා.”‍

අලු‍තින් ක්‍රියාත්මක HSFO පහසුකම ඝන මීටර් 6,000 ක ගබඩා ධාරිතාවකින් සමන්විත වන අතර, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ වෙනම ටැංකි දෙකක් මේ සඳහා වෙන් කර ඇත. පැයකට මෙට්‍රික් ටොන් 400 ක ධාරිතාවකින් තෙල් පොම්ප කළ හැකි විශේෂ පද්ධතියක්ද එහි ඇත. වේගවත්ව, කාර්යක්ෂමව ඉන්ධන බෙදා හැරීම සහතික කරමින්, විධිමත් නළ මාර්ගයක් ඔස්සේ ටැංකි සෘජුවම HIP හි තෙල් ජැටිවලට සම්බන්ධ වේ.

මෙම පහසුකම නිරවද්‍ය, ආරක්ෂිත මෙහෙයුම් සහතික කරමින් උසස් පාලන පද්ධතිවලින් සමන්විතව තිබේ. අන්තර්ජාතික සමූද්‍රීය සංවිධානයේ (IMO) 2020 ගෝලීය සල්ෆර් කැප් රෙගුලාසිවලට අනුකූලව HSFO භාවිත කරන යාත්‍රා අයත් නැව් හිමියන්ට මෙම පහසුකම විශේෂ වාසියක් වනු ඇත.



අදහස් (0)

හම්බන්තොට වරායෙන් HSFO නෞකා ඉන්ධන පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site