(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.
එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති ශ්‍රීමත් ටිම් ක්ලාක් මහතා ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීය.
විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයට සහ කර්මාන්තයට කරන ලද සුවිශේෂී සේවය අගයමින් සුප්‍රකට ව්‍යාපාරිකයන් සිරිල් ගාඩිනර් සහ රත්න සිවරත්නම් යන මහත්වරුන්ට මෙහිදි විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමුණි.
සිරිල් ගාඩිනර් මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සංජීව් ගාඩිනර් මහතාද රත්න සිවරත්නම් මහතා වෙනුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රා මහතා ද එම සම්මාන ලබාගත්හ.
මෙහිදි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමුණු අතර දිනේෂ් වීරක්කොඩි මහතා එම සම්මානය ලබාගත්තේය.
මෙහිදි ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ද උත්සවය සභාව ඇමතුවේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්, සංචාරක කර්මාන්තයේ සාමාජිකයන්, පාර්ශවකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අගමැතිගේ ප්‍රධානත්වයෙන්