IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 6.5කට ඇක්විටි පාට්නර්ස් මිලදී ගනී

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම ආයෝජන කළමනාකරණ බැංකුවක් වන ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners)   පෞද්ගලික සමාගමේ ඉතිරි සියයට 50ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගත් බව හැටන් නැෂනල් බැංකුව පවසයි. 
මෙම ඇක්විටි පාර්ට්නර්ස් පෞද්ගලික සමාගම හැටන් නැෂනල් බැංකුව සහ DFCC  බැංකුව එකාබද්ධ හවුල්කාරීත්වයෙන් පිහිටුවාගත් සමාගමකි.

DFCC  බැංකුව සතුව තිබූ මෙම කොටස් හිමිකාරීත්වය අතපත්කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ලබාදුන් අනුමැතියෙන් අනතුරුව මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ. 

මෙහිදී DFCC  බැංකුව සතුව තිබූ ඇක්විටි පාර්ට්නර්ස්හි කොටස් මිලියන 75.5ක ප්‍රමාණයක් අත්පත් කරගත් බවත්, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 6.5ක් බවත් හැටන් නැෂනල් බැංකුව සඳහන් කරයි. 

මෙම ගනුදෙනුව පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ පසුගිය 2024 වසරේ ජූනි මාසයේදීය. එහිදී රුපියල් බිලියන 7කට මෙම කොටස් අලෙවිය සිදු කිරිම සැලසුම විය. එහෙත් නොවැම්බර් මාසයේදී මෙම දෙපාර්ශවයම අදාළ ගනුදෙනුව අත්හැරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් දෙසැම්බර මාසයේදී නිවේදන නිකුත් කළ එම බැංකු දෙකම සිය වගන්ති සහ කොන්දේසි වෙනස් කරමින් මෙම එකඟතාව පිළිබඳ සාකච්ඡා පවත්වාගෙන යන බව සඳහන් කළේය.



අදහස් (0)

හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 6.5කට ඇක්විටි පාට්නර්ස් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site