බිමල් පෙරේරා චන්දිම කුරේ
හැටන් නැෂනල් බැංකුවේ (HNB) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ පත් කර ඇති බව නිවේදනය කර ඇත.
ආයතනික කළමනාකරණ මට්ටමේ නායකත්ව කණ්ඩායමට මෙම උපාය මාර්ගික එකතු කිරීම්, වර්තමාන ගතික ව්‍යාපාරික පරිසරය තුළ වටිනාකම් එකතු කිරීමේ වර්ධනයක් සහ පුරෝගාමී නවෝත්පාදන ඇති කිරීමට බැංකුවේ කැපවීම අවධාරණය කරයි.
බිමල් පෙරේරා දශක දෙකකට අධික ආයතනික උපාය මාර්ග, ආයෝජන මූල්‍යඅවදානම් කළමනාකරණය සහ ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ පුළුල් විශේෂඥ දැනුමක් ඇත්තෙකි.
චන්දිම කුරේ යනු සංකීර්ණ ව්‍යාපාරික අභියෝග විසඳීම සඳහා තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දූරදර්ශී නායකයෙකි. නව්‍ය මානසිකත්වය සහ ව්‍යවසායකත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන කුරේ,කර්මාන්ත හරහා අඛණ්ඩව බලපෑම් සහගත විසඳුම් ලබා දී ඇත.
යුනිලීවර් සහ මාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කුරේ, සිය තාක්ෂණික නවෝත්පාදන වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය.
හේමාස් හෝල්ඩිංග්ස් PLCප්‍රධාන ක්‍රියාවලි නිලධාරී, ප්‍රධාන ඩිජිටල් නිලධාරී සහ එහි ව්‍යාපාර අංශය වන, කොන්සෙප්ට් වෙන්චර් හි විධායක අධ්‍යක්ෂ ඇතුළු නායකත්ව භූමිකාවලට ඔහු දායක විය.
තොරතුරු තාක්ෂණ පරිවර්තන මෙහෙයවීම, ආරම්භක පරිසර පද්ධති පිහිටුවීම සහ ප්‍රධාන අංශ සඳහා ඩිජිටල් භූ දර්ශන නිර්මාණය කිරීම සඳහා චන්දිම කුරේගේ දායකත්වය හිමිවිය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැටන් නැෂනල් ප්‍රධාන තනතුරු දෙකකට නව මුහුණු