IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්ලිම් ජනතා සම්මාන තුනක් ඩයලොග් සමාගමට

2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය’ ‘අඛණ්ඩව දෙවනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව දහවැනි වරටත් හිමිකර ගනිමින් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය පසුගියද‌ා සමත් විය.

ඩයලොග් ආයතනයට හිමිවූ ස්ලිම් ජනතා සම්මාන හරහා කොරෝනා වසංගතය මැද පැනනැගුණු සමාජ අභියෝග මැනවින් අවබෝධ කරගනිමින් සිය පාරිභෝගිකයන්, සහෘදයන්, ප්‍රජාව හා සමස්ත රටවැසියන්ට සහායවීම වෙනුවෙන් ඩයලොග් ආයතනය දැරූ නොමද උත්සාහය සහ කැපවීම් මැනවින් පිළිබිඹු කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

සියලු‍ම සේවා ක්ෂේත්‍ර අතරින් හොඳම සේවා සම්පාදකයාටිවසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ පිරිනැමෙන අතර, නවීනතම තාක්ෂණයෙන් බලගැන්වී විවිධ අංශ රැසක් ඔස්සේ සැමට ලබාගත හැකි සේවාවන් සැලසීමට ඩයලොග් ආයතනය සතු හැකියාවට කදිම සාක්ෂියක් යැයිද එම සමාගම කියයි. ශ්‍රී ලාංකීය ජනජීවිත සහ ව්‍යාපාර සවිබලගැන්වීම වෙනුවෙන්වූ සිය කැපවීම අගයමින් ඩයලොග් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ වශයෙන්ද ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ අතර, ඩයලොග් ආයතනය මෙම සම්මානය දිනාගනු ලැබුවේ අඛණ්ඩව දහවෙනි වරටයි. 2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලෙහි ලද සම්මාන ත්‍රිත්වය සහ මීට පෙර Brand Finance ආයතනය විසින් පිරිනමන ලදිශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ තුළින් සෑම ශ්‍රී ලාංකිකයකුටම සන්නිවේදනයෙන් සබැඳි අනාගතයක් උදාකිරීම වෙනුවෙන් ඩයලොග් සන්නාමයේ වටිනාකම මැනවින් පිළිබිඹු කෙරේ.

‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය’ තුළින් පාරිභෝගික ප්‍රවණතා හමුවේ සන්නාමයක් කෙරෙහි පවතින විශ්වසනීයත්වය ඇගයීමට ලක්වෙන අතර, එය අර්ථාන්විත වෙනසක අවශ්‍යතාවය මතු කරනවා මෙන්ම, සැමට ලබාගත හැකි නවෝත්පාදන සේවා හරහා ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හඳුනාගෙන ඇත. ජනතා සම්මාන උළෙලේදී ලද ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය “2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහිජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය ‘ අඛණ්ඩව දෙවනි වරටත් වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව 10 වැනි වරටත් දිනාගැනීමට ඩයලොග් සමත්වීම අපට මහත් ආඩම්බරයක් මෙන්ම ගෞරවයක්.

නවීන තාක්ෂණයෙන් සහ විශිෂ්ට සේවා රැසක් තුළින් පාරිභෝගිකයාට වඩා හොඳ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් දීර්ඝකාලීනව අප දක්වන කැපවීම හරහා ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ වුවද නවීනතම තාක්ෂණය සමඟ තිරසර සංවර්ධනයක් උදෙසා අප දරන උත්සාහය මැනවින් පෙන්නුම් කරනවා. ශ්‍රී ලාංකීය ජිවිතවලට සැබෑ ලෙසම ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවූ සන්නාමයක් ලෙස අපව ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක් ගෙන දෙනවා වගේම, මෙම සම්මාන හිමිකරගැනීම මෙන් අර්ථාන්විත සහ විප්ලවීය නවෝත්පාදන හරහාිඅනාගතය අදයි‘ යන අපගේ තේමාව මැනවින් පිළිබිඹු වන බවද සඳහන් කළ හැකීයි.



අදහස් (1)

ස්ලිම් ජනතා සම්මාන තුනක් ඩයලොග් සමාගමට

Pradeep Saturday, 10 April 2021 04:30 AM

වඩාත් සුදුසුම සම්මානය දීලා නෑ වගේ. පාරිභෝගිකයින්ගේ ඩේටා මංකොල්ල කන එකටත් සම්මානයක් දෙන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31142 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site