

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අපේ සංස්කෘතියට හා සම්ප්‍රදායට මුල්තැන දෙමින්, ජනතාවගේ යහපැවැත්ම උදෙසා විවිධ ක්‍රියාකාරකම් මෙම වැඩසටහන්වලට ඇතුළත්ය.
අවුරුදු චාරිත්‍රවලට අදාළ නැකත් ඇතුළත් ආයුර්වේද ලිතක් සිංහල හා දෙමළ භාෂාවලින් අප්‍රේල් 07 වැනි දා සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් බෙදා දෙනු ලබයි. මෙම ආයුර්වේද ලිතේ අවුරුදු චාරිත්‍රවලට අමතරව, කායික හා මානසික යහපැවැත්ම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද විශේෂ උපදෙස් ද ඇතුළත්ය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා ජාලය සහ තැපැල් කාර්යාල හරහා මෙම ලිත බෙදා දෙනු ලබන අතර, තොග අවසන් වන තුරු පමණක් ලබා ගත හැකිය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග අවුරුදු ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට ආර්ථික වටිනාකමක් ඇති පැළයක් තෑගි ලෙස ලබා දීමට කටයුතු කර තිබේ. “නැකතට පැළයක් - පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය” යන වැඩසටහන යටතේ අප්‍රේල් 16 වැනිදා දිවයින පුරා පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා 262 කදී මෙම පැළ බෙදා දීමට නියමිතය. තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග සහයෝගයෙන් 2019 සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 2017 සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද NSB කෘෂි වන වගා ව්‍යාපෘතිය (NSB Agroforestry Project) හරහා පාරිසරික වටිනාකම පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම ද මෙහි අරමුණකි.
අලුත් අවුරුද්දක උදාවත් පාරිසරික මංගල්‍ය. ගහකොළ, සතා සිවුපාවුන්, ඇළ දොළ ඇතුළු ස්වාභාවික සම්පත් රැකදීම සහ සශ්‍රීක පරිසරයක් නිර්මාණය කිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික වගකීමක් ලෙස සලකයි.
මෙය බැංකුවේ ප්‍රධාන මූලධර්ම වන ඉතිරිකිරීම සහ සකසුරුවම යන සංකල්පවලට ද අනුකූලය. අප්‍රේල් 16 වැනිදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛාවලට පැමිණ අවුරුදු ගනුදෙනු සිදුකරන අතරම, මෙම වැඩසටහන්වලට ද සහභාගී වන ලෙස සියලුම ගනුදෙනුකරුවන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරාධනා කරයි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩසටහන් රැසක්