IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සහන මිලට එළවළු බීජ අලෙවිසලක් දඹුල්ලේ

දඹුල්ල කාංචන කුමාර ආරියදාස


දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු අලෙවි කිරීම සඳහා පැමිණෙන ගොවි ජනතාවගේ පහසුව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහන මිලට එළවළු බීජ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් සහ ගොවීන්ගේ ගැටලු‍වලට විසඳුම් ලබා දීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ.
ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත අලංකාරව මෙම අලෙවිසල ස්ථාපනය කොට තිබේ, එමෙන්ම එළවළු බීජ මිල ගණන් ස්වයංක්‍රීය තිරයක සහ විශාල බැනර් මගින් ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයකි.
සාමන්‍ය වෙළෙඳපොළේ ඇති බීජ මිලට සාපේක්ෂව විශාල අඩු මිලකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත වැඩි අස්වැන්නක් සහිත බීජ මෙහි අලෙවි කිරීම සඳහා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
ඕනෑම ගොවියකුට මෙම ස්ථානයෙන් තමන්ට අවශ්‍ය   ගුණාත්මකභාවයෙන්ම යුතු බීජ මිලදී ගැනීමට හැකියාව ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
ඒ අනුව මෙම ස්ථානයේ අලෙවි කරන බීජ  මිල පහත සඳහන් වේ. කිලෝ එකක් අලෙවි කරන මිල එහි සඳහන් අතර ඒවායෙන්  ගොවීන්ට අවශ්‍ය බීජ ප්‍රමාණ ලබා ගැනීමට හැකි බවද කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දෙති.
 පතෝල  1500.00, කරවිල 9400.00, වැටකොළු 10600.00මාළු මිරිස්   25000.00, මෑ කරල් 7000.00 වම්බටු 12000.00, නිවිති 10200.00, පිපිඤ්ඤා 8500.00, බෝංචි බටර් 2500.00, බෝංචි කැකුළු 3200.00, රාඹු  5200.00, දඹල 6000.00, කොමඩු 7500.00, තක්කාලි 35000.00, බණ්ඩක්කා  3400.00, තිබ්බටු 13500.00, මිරිස් 100000.00, වම්බටු දෙමුහුන්  62500.00, කරවිල දෙමුහුන් 50 000.00


සාමාන්‍ය වෙළෙඳ සල්වල දැනට පවතින මිල ගණන්
වට්ටක්කා (රාජා F1) -100700, වැටකොළු (නාගා F1)- 62000, කොමඩු (රොකි 475 F1)-89800, කරවිල (ප්‍රීති F1)-113500, පතෝල (cic දේශීය දිග) -14500, බෝංචි (බ්ලැක් කෝරා)- 2200, මෑකරල් (මස් මෑ දේශීය )-5400, පිපිඤ්ඤා (සයාලි F1) රු167000, බීට් (cic සකාටා) -රු 18000, බණ්ඩක්කා (හරිත දේශීය)-5500, මාළු මිරිස් (මුරියා F1) -රු 565000, අමුමිරිස් (MI 2-දේශීය)- රු13600



අදහස් (0)

සහන මිලට එළවළු බීජ අලෙවිසලක් දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site