IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෙස්ටා සිය නවතම වෙළෙඳ දැන්වීම එළිදක්වයි


සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම පසුගියදා One Galle Face හි PVR සිනමා ශාලාවේදී සුවිශේෂී ප්‍රදර්ශනයක් හරහා එළි දක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරාගත් පාරිභෝගිකයන්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, සහයෝගිතාකරුවන් සහ සන්නාමය සමග දිගු කාලයක් අත්වැල් බැඳගෙන සිටි කොටස්කරුවන්ගෙන් සමන්විත ප්‍රේක්ෂකයෝ සහභාගි වූහ. 

සෙස්ටා වෙළෙඳ දැන්වීම, ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ආදරණීය මතක අවදි කරනු ලැබුවේ මීට දශක දෙකහමාරකට පමණ ඉහතදීය. සුදු කමිසයක් ඇඳි යුවතියත්, තේ සාදමින් සිටින ඇගේ සැමියාත් සමග ‘සෙස්ටා’ යනුවෙන් ළෙන්ගතුව උච්චාරණය කළ අවස්ථාවත්, එකල වෙළෙඳ දැන්වීම් ඉතිහාසයේ අමතක නොවන හෘදයාංගම වෙළෙඳ දැන්වීමක් විය. 

ඉන් අනතුරුව ‘My Zesta Story’ ප්‍රචාරණ ව්‍යාපාරය ඔස්සේ මුල්ම වෙළෙඳ දැන්වීමේ ආකර්ෂණීයත්වය ප්‍රේක්ෂකයන්ට නැවත සිහි ගන්වමින් සෙස්ටා තේ සමග ඇති ස්වකීය හැඟු‍ම් සමුදාය නිර්මාණශීලි අයුරින් බෙදා හදා ගැනීමට ආරාධනා කළේය. 

“සෙස්ටා යනු සෑමවිටම තේ කෝප්පයකින් එහාට ගිය දෛනික ජීවිතයට වැදගත් පණිවුඩයක් රැගෙන ආ සන්නාමයක්. පුරා වසර ගණනාවක් යනතුරු ලාංකීය ජීවිතවලට වටිනා සහ කල් පවතින බැඳීමක් එකතු කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙම නවතම වෙළෙඳ දැන්වීම හරහා අපගේ මුල් වටිනාකම්වලට නව ජවයක් ලබා දෙනවා සේම මෙරට පරම්පරා ගණනාවකට අපගේ සන්නාමය සතු විශිෂ්ටත්වය නැවත මතක් කර දෙනවා,” යැයි නවතම වෙළෙඳ දැන්වීම ප්‍රදර්ශනය කළ අවස්ථාවට සහභාගි වූ සන්ෂයින් කන්සියුමර් ලංකා හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී කවී රාජපක්ෂ මහත්මිය පැවසුවාය. 

තේ කලාවේ රහස යළිත් වරක් ලාංකීය ජන මනසට සමීප කරවමින්, තේ සම්ප්‍රදායේ පුරෝගාමියකුගේ චමත්කාරය ඉස්මතු වන පරිදි සෙස්ටා හි නවතම සන්නාම සේයාරුව එළිදැක්වීමට මෙහිදී කටයුතු කර තිබිණ. 



අදහස් (0)

සෙස්ටා සිය නවතම වෙළෙඳ දැන්වීම එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site