භානුක අමරසිංහ
ඔඩෙල් (Odel) සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙන්ම ඔඩෙල් සභාපති අශෝක් පතිරගේ මහතාට සිල්ලර අංශය සම්බන්ධයෙන් උපාය මාර්ගික උපදේශකවරයකු ලෙස සිල්ලර වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයෙකු වන ටෙරි ඔ‘කොනර් පත් කරගත් බව ඔඩෙල් සමාගම පවසයි.
ඒ අනුව ජූලි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ටෙරි ඔ‘කොනර් මහතා මෙම ධුරයට පත් කරගත් බවත්, ලබන ජූලි 15 වැනිදා සිට ඒ මහතා එම ධුරයේ කටයුතු කරනු ඇති බවත් සමාගම සඳහන් කරයි.
ටෙරි ඔ‘කොනර් මහතා සතුව අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රධානතම සිල්ලර වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ඉතාමත් සාර්ථක වාර්තා පවතින බව ඔඩෙල් සමාගම පවසයි.
බ්‍රිතාන්‍යයේ Colorvision PLC සමාගම සමගින් සිය වෘත්තීය දිවිය ආරම්භ කර ඇති ඒ මහතා එහි කටයුතු කළ සමයේදී අලෙවිසැල් 12 සිට 92ක් දක්වා වර්ධනයට සමත්ව තිබේ.
එසේම ඒ මහතා බ්‍රිතාන්‍යයේ Courts PLC හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වසර 21 කාලයේදී එම ව්‍යාපාරික මෙහෙයුම් සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රිකල් සිල්ලර වෙළෙඳ පොළ දක්වා පුළුල් කිරීමට සමත් වී ඇත. අද වනවිට එම සමාගම සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ අලෙවිසල් 70ක් දක්වා වර්ධනය වී තිබේ. මීට අමතරව ඔහු 2020 දී ඉන්දුනීසියාවේ මාතාහරි ඩිපාර්ට්මන්ට් ස්ටොර්ස්හිද ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද පත් කෙරුණු අතර 2023 දී ඔහු ඉන් ඉවත්විය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිල්ලර වෙළෙඳාම ගැන Odel සභාපතිට උපදෙස් දීමට ජාත්‍යන්තර ප්‍රවීණයෙක්