IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සෙලාන් බැංකුවෙන් 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට දායකත්වය

සෙලාන් බැංකුවල මෑතකදී 1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයක් අලුත්වැඩියා කර එයට අවශ්‍ය උපකරණ හා පහසුකම් ලබාදීම සඳහා දායක විය. සුව සැරිය පදනම මගින් ක්‍රියාවට නංවා ඇති ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රජා සත්කාරය සිදුකරන ලදී. පුත්තලම ප්‍රදේශයේ ධාවනය වන මෙම ගිලන් රථය මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමානය. 
සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා සහ එහි සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා විසින් අදාළ මූල්‍යමය අනුග්‍රාහකත්වය 1990 සුව සැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාව, මෙරටට අතිශයින් වැදගත් වන සෞඛ්‍ය පහසුකමක් වන මෙම ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් විය. 
 ‘‘1990 සුව සැරිය පදනම මගින් රට පුරා වෙසෙන ජනතාව වෙනුවෙන් ඉටුකරනු ලබන මෙහෙවර ප්‍රශංසනීයයි. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන්, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන අතරම රටේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා එම පදනම දරන උත්සාහය අප බෙහෙවින් අගය කරනවා. එම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ක්‍රියාවට නැංවූ Adopt an Ambulance’  ව්‍යාපෘතියට මෙලෙස දායක වීමට ලැබීම අපට මහත් සතුටක්” අසිරි අභයරත්න මහතා පැවසීය. 

 



අදහස් (0)

සෙලාන් බැංකුවෙන් 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට දායකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site