IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සෙලාන් බැංකුවට 2025 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.76 ක බදු පසු ලාබයක්

  • ආදායම් බදුවලට පෙර ලාබය සියයට 13.36 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,199 ක් ලෙස වාර්තා වෙයි 
  • බදු පසු ලාබය රුපියල්මිලියන 2,761 ක්. සියයට 20.29 ක වර්ධනයක් 

  • ද්‍රවශීලතා ආවරණ අනුපාතය - සියලු‍ විනිමය වර්ග සඳහා සියයට 389.25ක් සහ රුපියල් සඳහා සියයට 349.51ක් 

  • හිමිකම් මත ප්‍රතිලාභය සියයට 15.81ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සියයට 17.64ක් 

  • හානිකරණ ණය (අදියර 3) අනුපාතය සියයට 1.98ක්

ප්‍රධාන විධායක නිලධාරී 
රමේෂ් ජයසේකර

සභාපති 
බුවනෙක අළුවිහාරේ

සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව සියයට 13.36ක වර්ධනයකි. 

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාබයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 2,295 ට සාපේක්ෂව සියයට 20.29 ක වර්ධනයකි. 

  • මූල්‍ය ක්‍රියාකාරීත්ව ප්‍රකාශය

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලය සඳහා සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 9,371 ට සාපේක්ෂව සියයට 8.37 කින් පහළ ගොස් රුපියල් මිලියන 8,587 ක් ලෙස වාර්තා වී ඇත. වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ සියයට 4.90 ට සාපේක්ෂව 2025 ප්‍රථම කාර්තුවේදී සියයට 4.45 දක්වා පහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු මත පදනම් වූ ආදායම පසුගිය වසරේ වාර්තා වූ රුපියල්  මිලියන 1,837 ට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී රුපියල්  මිලියන 2,091 දක්වා සියයට 13.83 කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රාධාන වශයෙන් හේතු වී ඇත්තේ ණය, කාඩ්පත්, පර්‌යේෂණ, වෙළෙඳ සේවා සහ වෙනත් මූල්‍ය සේවා වෙතින් ලැබුණු ගාස්තු ආදායමේ වර්ධනයයි. 

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 11,258 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පෙර වසරේදී වාර්තා වූ රුපියල්  මිලියන 11,707 ට සාපේක්ෂව සියයට 3.83 ක පහළ යාමක් වන අතර, ශුද්ධ පොලී ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

වෙළෙඳ කටයුතුවලින් ලැබුණු ශුද්ධ ආදායම, මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලැබුණු ආදායම සහ ශුද්ධ වෙනත් මෙහෙයුම් ආදායම් යනාදියෙන් සමන්විත වෙනත් ආදායම් පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි. 

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලපරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය, 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 5,126 ට සාපේක්ෂව රු. මිලියන 5,363 දක්වා සියයට 4.62 කින් වර්ධනය වී තිබේ. ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීම හේතුවෙන් බැංකුවේ මානව සම්පත් පිරිවැය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 2,718 ට සාපේක්ෂව රු. මිලියන 2,806 දක්වා සියයට 3.22 කින් ඉහළ ගොස් ඇත. 

වෙනත් මෙහෙයුම් පිරිවැය සහ අවප්‍රමාණ හා ක්‍රමක්ෂය පිරිවැයද 6.19% කින් වර්ධනය වී ඇති අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. විවිධ පිරිවැය පාලන විධිවිධාන ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී. 

2024 වසරේ පළමු කාර්තුවේදී  රුපියල් මිලියන 1,555 ක් වූ බැංකුවේ හානිකරණ වියදම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ රුපියල්  මිලියන 262 දක්වා සියයට 83.17 කින් පහළ ගොස් තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ණය ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) අනුපාතයේ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය සියයට 1.98 ක් වූ අතර (2024-2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 මාර්තු 31 දින වන විට සියයට 80.74 ක් වැනි යහපත් මට්ටමක පැවතිණි. 

ආදායම් බදු පිරිවැය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට වාර්තා කළ රුපියල්  මිලියන 1,409 ට සාපේක්ෂව මේ වසරේ සියයට 2.08 කින් ඉහළ ගොස් රුපියල්  මිලියන 1,438 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවා මත අගය එකතු කළ බද්ද 2025 වසරේ පළමු මාස 3 තුළ රුපියල්  මිලියන 1,160 සිට රුපියල්  මිලියන 1,260 දක්වා ඉහළ ගිය අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8.58 ක වර්ධනයකි. සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද 2025 පළමු මාස 3 තුළ රුපියල් මිලියන 161 සිට රුපියල් මිලියන 175 දක්වා වර්ධනය වූ අතර මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8.58 ක වර්ධනයකි. 

සමස්තයක් ලෙස බැංකුවේ 2025 පළමු කාර්තුවේ බදු පසු ලාබය  රුපියල් මිලියන 2,761 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 20.29% ක වර්ධනයකි. 

  • මූල්‍ය තත්ව ප්‍රකාශය 

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2025 පළමු කාර්තුව තුළ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 779 සිට රු. බිලියන 785 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවා ගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවා ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. බැංකුවේ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 469 ක් ලෙස වාර්තා වී ඇති අතර, තැන්පතු  රුපියල් බිලියන 647 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) සියයට 29 ක් විය. 

  • ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක 2025 මාර්තු 31 දින වන විට යහපත් මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පැහැදිලි ලෙසම නියාමන අවශ්‍යතාවට ඉහළින් පැවතිණි. බැංකුවේ සාමාන්‍ය කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) සියයට 13.67 ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) සියයට 17.64 ක් විය. 

ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු‍ විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 389.25 ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 349.51 ක් විය.



අදහස් (0)

සෙලාන් බැංකුවට 2025 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.76 ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site