සෙලාන් බැංකුව, 2024 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 10.05 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසර සාපේක්ෂව සියයට 61ක වර්ධනයකි. බැංකුවේ ආදායම් බදුවලට පෙර ලාබය සියයට 59 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.04 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙලෙස වාර්තා වූ රුපියල් බිලියන 10 ඉක්මවූ බදු පසු ලාබය, සෙලාන් බැංකුවේ 36 වසරක ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම බදු පසු ලාබය ලෙස සැලකේ. 2024 දෙසැම්බර් 31 දින වන විට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 780 ක් විය. මෙය පෙර වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 718 ට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයකි.
ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 491.37 ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 415.75 ක් විය. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) සම්බන්ධ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය [Asset Quality Ratio of Impaired Loan (Stage 3) Ratio] සියයට 2.10 ක් විය (2023 - 3.85%). සුපරීක්ෂාකාරී ප්‍රතිපාදන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් සියයට 80.90 ක අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතයක් වාර්තා කිරීමට බැංකුවට හැකි වී තිබේ (2023 වසරේදී 68.29%). මෙය වසර අවසානයේදී මෙරට බැංකු ක්ෂේත්‍රයේ පැවති ප්‍රතිපාදන ආවරණ අනුපාතය වූ සියයට 54 ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙලාන් බැංකුවට රුපියල් බිලියන 10 ක බදු පසු ලාබයක්