IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි

සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි සංස්කරණය එළිදක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි.

දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම් පුද්ගලයන් 37000 ක පමණ සංඛ්‍යාවකගේ ජීවිත ස්පර්ශ කරමින් සාම්ප්‍රදායික ත්‍යාගවලින් වෙනස් වූ අත්දැකීම් ලබා දෙමින් ෆැමිලි සවාරි වැඩසටහන ප්‍රචලිත වී ඇත. 2026 වර්ෂය සඳහා ෆැමිලි සවාරි සංචාරක ගමනාන්ත නිවේදනය කිරීමත් සමග මෙම උද්යෝගය නොකඩවා පවතී.

ෆැමිලි සවාරි 19 වැඩසටහන තුළින් 20 දෙනකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සඳහා චීනයේ බීජිං වෙත සියලු වියදම් සහිත නිවාඩුවක් හිමි වන අතර ඔවුන්ට බීජිං නගරයේ සංස්කෘතිය සහ ලෝක ප්‍රසිද්ධ ස්ථාන ගවේෂණය කිරීමට අවස්ථාව හිමි වනු ඇත. 40 දෙනකුගෙන් සමන්විත තවත් පවුල් 10 ක් විදේශීය විනෝද චාරිකාවක් ලෙස මැලේසියාව බලා යන අතර පුද්ගලයන් 1000 කගෙන් පමණ පිරිසක් එනම් පවුල් 250 ක් බණ්ඩාරගම පර්ල් බේ ජල උද්‍යානයේදී අසමසම අත්දැකීම් වලින් පිරුණු දිනයක් භුක්ති විඳිනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ 2026 වර්ෂයේ ජනවාරි මාසයේදී පැවැත්වෙන මහා දිනුම් ඇදීමක් මගිනි.

“ෆැමිලි සවාරි යනු සංචාරය කිරීම ගැන පමණක් අවධානය යොමු කළ වැඩසටහනක් නොව, එය පවුලේ සමාජිකයන් සමීප කරවන අත්දැකීම් සහ ජීවිත කාලය පුරාම පවතින මතකය නිර්මාණය කිරීමට අවස්ථා ලබා දීමක්,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. “මෙම වසරේත් ජයග්‍රහණය කරන සෑම පවුලක් සඳහාම පුදුමය උපදවන අත්දැකීමක් ලබා ගත හැකියි. ඔවුන්ගේ ජීවිතවල ඉලක්ක අත්කර ගැනීම පිළිබඳ විශ්වාසය අප කෙරෙහි තබන ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමේ ක්‍රමයක් ලෙස අප මෙය දකිනවා.”

ෆැමිලි සවාරි දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට දැනට සිටින රක්ෂණ ඔප්පු හිමියන් ප්‍රවර්ධන කාලය තුළ ඔවුන්ගේ රක්ෂණ ඔප්පු සක්‍රීයව තබා ගැනීම හෝ විශ්‍රාම සැලසුම්වල නිර්දේශිත අවම ශේෂයන් පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. 2025 සැප්තැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගන්නා නව ගනුදෙනුකරුවන්ටද දිනුම් ඇදීමට ඇතුළත් විය හැකි අතර ඒ සඳහා මෙම කාලය තුළ මාසික වාරික තුනක් ගෙවිය යුතු වේ. Ceylife ඩිජිටල් යෙදවුම බාගත කර ඇති රක්ෂණ ඔප්පු හිමියන්ට අමතර ජයග්‍රහණ අවස්ථා ලබා දීම සහ ඔවුන් සෙලින්කෝ ලයිෆ් හි ඔප්පුහිමියන් වී සිටි කාලයට අනුරූපව තවත් දිනුම් අවස්ථා හිමි වෙයි. 

වසර ගණනාවක් පුරා ෆැමිලි සවාරි ජයග්‍රාහකයින් ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය සහ තුර්කිය වැනි දුර බැහැර ගමනාන්ත වෙත මෙන්ම චීනය, ඩුබායි, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි සමීප රටවලටද සංචාරක අත්දැකීම් ලබා ගෙන ඇත. 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site