නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කළ පළමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි.
නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමග තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් දක්වන කැපවීමේ තවත් පියවරක් ඉදිරියට තබා ඇති අතර එය සමාගමේ දීපව්‍යාප්ත ජාලයේ සමාගමටම අයත් 34 වැනි ශාඛා ගොඩනැගිල්ල වේ.
251$B$4” කොළඹ පාර, හොරගොල්ල වත්ත, නිට්ටඹුව යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා විසින් අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඉදිරියේ විවෘත කරන ලදී.
වර්ග අඩි 5,750 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් නිර්මාණය කර වැඩි දියුණු කරන ලද අඩු වියදම් ‘ප්‍රීකාස්ට්’ කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතයෙනි. සමාගමේ අඛණ්ඩ වූ හරිත මුලපිරීමට අනුකූල වන ලෙස මෙම නිට්ටඹුව ශාඛාව බලශක්ති කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමී බව ආරක්ෂා වන ආකාරයේ අංග රාශියකින් සමන්විත වේ. වැසි ජලය රැස් කිරීමේ පහසුකම්, වැසිකිළි සේදීම හා ගෙවතු වගාව සඳහා පිරිපහදු කළ ජලය නිපදවන මල අපවහන පිරිපහදු යන්ත්‍රයක් සහ බලශක්ති කාර්යක්‍ෂම ආලෝකකරණ හා වායු සමීකරණ පද්ධති ඒ අතර වේ.
සමාගමේ ශාඛා ජාලය සඳහා පළමු වරට හඳුන්වා දෙන සියයට 100 ක් ම සූර්ය බලශක්තියෙන් බලගැන්වෙන විදුලිබල පද්ධතියක් සහිත නිට්ටඹුව ගොඩනැගිල්ල විදුලි බලය සඳහා ජාතික පද්ධතිය මත යැපීම සහමුලින්ම ඉවත් කරයි. මෙම ගොඩනැගිල්ල සැලසුම් සකස් කර ඇත්තේ ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිම වන අයුරිනි. හරිත බව වැඩි කිරීම සඳහා භූමියට තණකොළ සහිත කොන්ක්‍රීට් ගල් භාවිත කර ඇත. එහි ඉදිකරීම් අතරතුර කිසිදු ගසක් කපා නොමැති බවට සහතික කරමින් පැවති ගස් සියල්ල ගොඩනැගිල්ලේ සැලස්මට ම ඒකාබද්ධ කර ඇති බව සමාගම පවසයි.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සෙලින්කෝ ලයිෆ් නිට්ටඹුවේ නව ශාඛාවක් විවෘත කරයි