IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙරේදා (මාර්තු 12) නැවත පිබිදීමක් වාර්තා කරන ලද නමුත්, පසුගිය සති දෙකක පමණ කාලය තුළ තිබුණ පසුබැසීම ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට තරමක දෝලනයක් පැවැතියේය. එදින පස්වරුව වන විට මිල දී ගැනීම් සඳහා යුහුසුළු වූ අතර, ඊයේ වෙළෙඳපොළ නිවාඩු දිනයක් හා අද ගනුදෙනුවලට විවෘත වන අවස්ථාවේ දී තවත් වර්ධනයක් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාව වූ බව පෙනිණ. 
ඇමරිකානු ජනාධිපතිවරයාගේ අලුත් බදු ප්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ල යොමු කරමින් එරට ප්‍රධාන කොටස් වෙළෙඳපොළ  තියුණු පසුබෑමකට පත් වූ අතර, යුරෝපා, ජපානය හා දකුණු කොරියාව දක්වා සඳුදා ගනුදෙනුවල දී  එය පැතිරී ගියේය. කෙසේ වෙතත් කැනඩාව සඳහා පනවන ලද බදු සම්බන්ධ නියෝග ආපසු හැරවීමට සූදානම් වන බවක් දැක්වීම හේතුකොටගෙන ආයෝජන අංශ නැවතත් මිල දී ගැනීමට නැඹුරු විය. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳාමේ විදේශ මිලදී ගැනීම් තවමත් ප්‍රමාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත. 
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14  තෙක් ඉහළ ගිය අතර, එය දර්ශක 150.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,730.84 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 50.02 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය. 
ජෝන් කීල්ස් රු. මිලියන 197 ක්, සම්පත් රු. මිලියන 98 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 90 ක්, එල්. ඕ. එල්. සී රු. මිලියන 76 ක්, ලයන් බෲවරි රු. මිලියන 67 ක්, හේලීස්රු. මිලියන 60 ක් සහ සියෙරා කේබල් රු. මිලියන 58 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,449 ක් වූ අතර, එහි දී සමාගම් 197 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 46 කි. පෙරේදා දිනයේ වෙළෙඳපොළ  පිරිවැටුම රු. බිලියන 2.42 ක අගයක් වාර්තා කළේය. 
නිරීක්ෂක



අදහස් (0)

සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 31 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 61 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 83 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 18 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 22 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 20 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 808 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1250 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site