IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැලකිය යුතු අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහතට

පෙබරවාරි මාසයේ අවසන් සතියේ ආරම්භය රතු පැහැයෙන් සනිටුහන් කරමින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් කරන පසු (පෙබ 24) දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළේය. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,671.73 ක් දක්වා පහළ ගිය අතර එය දර්ශක 217.58 ක පසුබෑමකි. ඊයේ මධ්‍යහ්නයේ පමණක් සුළු කාලයක් කොටස් මිල දර්ශකය වර්ධනය වන බව අඟවන ලද නමුත් දිනය අවසානය දක්වා අඛණ්ඩව පහත වැටීම ගනුදෙනුවල දුබලතාව මැනැවින් දක්වයි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,999.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 63.70 ක අඩුවීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනුවල දී සමාගම් අටක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත අඩුම අගයක් ගත් අතර තවත් සමාගම් හතක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම අගය ගෙන තිබීම ද විශේෂත්වයකි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 18,129 ක් වූ අතර එහි දී සමාගම් 54 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 194 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 2.11 දක්වා අඩු අගයක් වාර්තා විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම අඩුවීම අනුව වෙළෙඳ පොළ උදාසීන වී ඇති බව දැක්වේ. විදේශීය ආයෝජකයෝ රු. මිලියන 283 ක කොටස් විකුණන ලද අතර මිල දී ගැනීම් ද සටහන්විය. කෙසේ වෙතත් රු. මිලියන හයක ශුද්ධ විකිණීම් වාර්තා වී තිබේ.

හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 254 ක, අහුන්ගල්ල රු. මිලියන 184 ක, සම්පත් රු. මිලියන 128 ක, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 114 ක, ජෝන් කීල්ස් රු. මිලියන 96 ක, සහ සී එෆ්. වෙන්චර් රු. මිලියන 74 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 
සුළු ආයෝජකයන් ලාභ සහිතව කොටස් විකිණීමට උත්සාහ කිරීම තුළ වෙළෙඳ පොළ දර්ශක පහත වැටෙන බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් අඩු මිල ගණන් දක්වා පහතට වැටී ඇති කොටස් සඳහා ඉදිරි දිනවල ඉල්ලුමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 
නිරීක්ෂක



අදහස් (0)

සැලකිය යුතු අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site