සූරියවැව ප‍්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්බද ප‍්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි.
සූරියවැව පළාත් පාලන අංශය කීල්ස් ආයතනයට දන්වා තිබු පරිදි ඒ විගස, කීල්ස් ආයතනය මෙම පවුල් 300ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සකසා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සමඟ එක්වී මෙම පාර්සල් බෙදා දීමට පියවර ගත්තේය.
සූරියවැව ප‍්‍රදේශය, 2010 වසරේ සිට කීල්ස් ආයතනයට එළවළු හා පළතුරු සපයන ප‍්‍රදේශයකි.
මෙම ප‍්‍රදේශයේ ජීවත් වන ගොවි මහතුන් නැවුම් එළවළු සහ පළතුරු ලබා දෙමින් අඛණ්ඩව අප ආයතනයේ වර්ධනයට සහයෝගය ලබාදෙන අතර මෙවැනි අභියෝගාත්මක කාල වලදී ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමටත් ස්ථාවර ආදායම් මාර්ගයක් නැවත ලබාගැනීමටත් සහයෝගය ලබාදීමට අපි කටයුතු කරමු.
ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව කීල්ස් ආයතනය 2016 සිට සූරියවැව ප‍්‍රදේශයේ වයස අවුරුදු 12ත් 14ත් අතර ළමුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා ශිෂ්‍යත්ව 180ක් ලබාදී ඇත.
මෙවන් අවස්ථාවක ආයතනයක් ලෙස හැකි අයුරින් උපකාර කිරීමට අපි සූදානම් . මීට අමතරව, මාර්තු මස අවසාන භාගයේදී කීල්ස් ආයතනය විසින් ත‍්‍රිවිධ හමුදාවටත්, බෝ වන රෝග රෝහල සහ පුණ්‍ය ආයතන සඳහා එළවළු ටොන් 20ක් පරිත්‍යාග කර ඇත.
ගම්පහ දිස්ත‍්‍රික් රෝහලෙන් මුහුණු ආවරණ සඳහා කරන ලද ඉල්ලීමකට අනුව අප්‍රේල් මාසයේදී රෝහලට භ95 මුහුණු ආවරණ 500ක් ලබා දීමටත් කටයුතු කර ඇත.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සිල්ලර වෙළඳ අංශයේ සභාපති චරිත සුබසිංහ පවසා සිටියේ ”එකිනෙකාට සහයෝගය දක්වමින් හා එක්ව වැඩකරමින් මෙම අභියෝගය ජයගත හැකි බවත් මෙවැනි අභියෝගාත්මක කාලයන්හිදී ව්‍යාපාර ආයතන හා සම්බන්ධ සියලූ පාර්ශවකරුවන්ද මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය සහය ලබාදීම ආයතනවලට ඇති වගකීමක් බවයි.
වගකීමෙන් කටයුතු කර දේශයක් ලෙස මේ අභියෝගය ජයගත හැකි බවද ඔහු සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල්
jayath Thursday, 07 May 2020 03:43 AM
අන්තිම අහිංසක අසරණ මිනිස්සු කොටසක් ඉන්න පළාතක්. කවදාවත් කව්රුවත් ඔවුන්ගේ යහපතට මොනවත්ම කරලා නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාංගන , කාපට් පාරවල් , ඕවයින් මේ මිනිස්සුන්ට වෙච්ච සෙතක් නැහැ.
Ruhunu Thursday, 07 May 2020 05:25 AM
අපි මෙම සත්ක්‍රියාව අගය කරන්නෙමු.