කොළඹ දකුණු ආසියාවේ මීළඟ ප්‍රමුඛ විනෝදාස්වාද ගමනාන්තය බවට පත් කිරීමේ අරමුණින් Cinnamon Box Office නව විනෝදාස්වාද අත්දැකීම් යුගයක් ආරම්භ කරයි


ප්‍රේක්ෂකයන්, උත්සව සංවිධායකයන් සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංග එකට සම්බන්ධ කරන උපායමාර්ගික ප්‍රවේශපත්‍ර අලෙවි වේදිකාවක් වන Cinnamon Box Office (CBO) සිය ප්‍රධාන විනෝදාස්වාද අවස්ථා දින දර්ශනය නිල වශයෙන් එළි දැක්වීය. මෙම එළිදැක්වීම ශ්‍රී ලංකාවේ නව මානයක් කරා ගමන් කරමින් පවතින විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද සහ සජීවී අත්දැකීම් සඳහා කලාපයේ ප්‍රමුඛ කේන්ද්‍රස්ථාන ගමනාන්තයක් බවට කොළඹ පත් කිරීමේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි.

ප්‍රවේශපත්‍ර අලෙවි සේවයකට පමණක් සීමා නොවන මෙම Cinnamon Box Office (CBO)විනෝදාස්වාදය, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ සංචාරක කර්මාන්තය එකම වේදිකාවක් ඔස්සේ එකිනෙක හා සම්බන්ධ කරමින් ප්‍රේක්ෂකයන්ට, උත්සව සංවිධායකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ආර්ථිකයටද නව අවස්ථා උදා කිරීමට නියමිතය. වසර පුරා සංස්කෘතික, විනෝදාස්වාද සහ ජීවන රටා අත්දැකීම්වලින් සපිරි සජීවී නගරයක් ලෙසට කොළඹ තවදුරටත් පරිවර්තනය වීමට සහාය වීමේ අරමුණින් මෙම වේදිකාව නිර්මාණය කර ඇති අතර, කලාපයේ ප්‍රමුඛ විනෝදාස්වාද ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ කොළඹ නගරයේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමටද එය දායක වේ.

Cinnamon Hotels & Resorts” Cinnamon Life සහ වර්තමානයේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හරහා විනෝදාස්වාද, ජීවන රටා සහ දැනුම කේන්ද්‍ර කරගත් අත්දැකීම් සැපයීමේ දශකයකට අධික පළපුරුද්දක් මත ගොඩනැගුණු Cinnamon Box Office (CBO), ප්‍රවේශපත්‍ර කළමනාකරණය, උත්සව ප්‍රවේශ පහසුකම්, ආගන්තුක සත්කාරය සහ ප්‍රේක්ෂක සම්බන්ධතා යන ක්ෂේත්‍රවල විශේෂඥතාව එකම වේදිකාවක් තුළට එක් කරයි.

කොළඹ ප්‍රධාන විනෝදාස්වාද අවස්ථා දින දර්ශනයක් සමගින් Cinnamon Box Office විසින් විනෝදාස්වාද, ජීවන රටා, දැනුම සහ ගමනාන්ත අත්දැකීම් ආශ්‍රිත විවිධ ප්‍රවේශපත්‍ර මත පදනම් වූ වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ ශක්තිමත් උරුමයක් මත මෙම ගමන සැලසුම් කර තිබේ. 

ශ්‍රී ලංකාවට Mamma Mia the Musical සහ The Sound of Music වැනි බ්‍රෝඩ්වේ නිෂ්පාදන රැගෙන ඒමෙන් ආරම්භ කර නිජෙලා ලෝසන්, ජෝර්ජ් කලොම්බාරිස්, ගැරී මේගන්, සහ මාර්කෝ පියෙර් වයිට් වැනි ජාත්‍යන්තරව කීර්තිමත් සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සුවිශේෂී වැඩසටහන් අත්දැකීම් සඳහා පහසුකම් සැලසීම දක්වා, Cinnamon Box Office ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලබාගත හැකි උසස් මට්ටමේ විනෝදාස්වාද අත්දැකීම්වල පරාසය අඛණ්ඩව පුළුල් කරමින් සිටී.

Cinnamon Box Office හි වැඩසටහන් එකතුවට, Future of Tourism Conferences, Travel Bloggers Conference of Asia, Cinnamon Summer Camp සහ Cinnamon Island Weddings වැනි දැනුම කේන්ද්‍ර කරගත් හා ජීවන රටා ආශ්‍රිත අත්දැකීම්ද ඇතුළත් වේ. එමෙන්ම, මනුෂි චිල්ලර් සහ ජැකලීන් ෆර්නෑන්ඩස් වැනි ජාත්‍යන්තර කීර්තිමත් චරිත සමග පැවැත්වූ විශේෂ අත්දැකීම් මෙන්ම, Google හි හිටපු ප්‍රධාන ව්‍යාපාර නිලධාරී මෝ ගෝඩැට් වැනි ගෝලීය චින්තන නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ නායකත්ව හා දැනුම බෙදාගැනීමේ වැඩසටහන්ද එහි සුවිශේෂී අංග වේ. 

කොළඹ නගරයෙහි වර්ධනය වෙමින් පවතින විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් Cinnamon Box Office විසින් මෑතකදී, සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා සහ ජෝන් කීල්ස් පදනම විසින් ඉදිරිපත් කරන ලද La Bamba: The Song of Veracruz වැඩසටහන සඳහා ද සිය සහාය ලබා දෙන ලදී.

මේ වන විට සිය විනෝදාස්වාද අවස්ථා දින දර්ශනය තවදුරටත් පුළුල් කිරීමේ අංගයක් ලෙස Cinnamon Box Office (CBO), විසින් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා විසින් ඉදිරිපත් කරන This Is Michael - Relive the Legend˜ නම් ජාත්‍යන්තර උපහාර ප්‍රසංග නිර්මාණය හඳුන්වා දීමට නියමිතය. ලෝ ප්‍රකට සංගීත ශිල්පී මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සහ අමරණීය නිර්මාණ සමරන මෙම ජාත්‍යන්තර මට්ටමේ උපහාර ප්‍රසංග, ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත අද්විතීය විනෝදාස්වාද අත්දැකීමක් රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම නිෂ්පාදනය 2026 නොවැම්බර් 8 සහ 9 යන දෙදින සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හි The Podium හිදී පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තරව පිළිගත් විනෝදාස්වාද නිර්මාණයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි Cinnamon Box Office බලාපොරොත්තු තබා සිටියි. 

ජාත්‍යන්තරව ප්‍රමුඛතම මයිකල් ජැක්සන් උපහාර ප්‍රසංග නිර්මාණයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති This Is Michael - Relive the Legend˜” පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන්ගේ අතීතයේ සුවිශේෂී ප්‍රසංගවල ශක්තිය, කලාත්මක බව සහ විශිෂ්ටත්වය උද්දීපනයෙන් පිරි සජීවී ප්‍රසංග අත්දැකීමක් තුළින් යළි නිර්මාණය කරයි. මයිකල් ජැක්සන් හා අතිශය සමාන රූප ලක්ෂණ සහ හඬ පෞරුෂයක් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක්වූ ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පියකුගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් වන මෙම නිෂ්පාදනය, ඔහුගේ අමරණීය නර්තන රටා, සජීවී සංගීතය, විචිත්‍ර දෘශ්‍ය නිර්මාණ, සුවිශේෂී ඇඳුම් නිර්මාණ සහ ඔහුගේ ජනප්‍රියතම ගීත එකතුවක් සමගින් නිර්මාණය කෙරී තිබේ. ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගත් මෙම අද්විතීය ප්‍රසංග අත්දැකීම, මයිකල් ජැක්සන්ගේ අසමසම කලා උරුමය යළි ජීවමාන කරමින් අමතක නොවන විනෝදාස්වාද අත්දැකීමක් රසිකයන්ට ලබා දීම ඉලක්ක කෙරේ.

ඒ අනුව, Cinnamon Box Office දියත් කිරීම, ශ්‍රී ලංකාව තුළද සංචාරක කර්මාන්තය, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ ගමනාන්ත සංවර්ධනය ඉදිරියට ගෙන යාමේදී වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් පවතින සජීවී විනෝදාස්වාදය ප්‍රමුඛ වූ ලොව පුරා වේගයෙන් වර්ධනය වෙමින් පවතින “අත්දැකීම් ආර්ථිකය” හි බලපෑම පිළිබිඹු කරයි. 

මෙම ශක්තිමත් පදනම මත ඉදිරියට යමින්, CBO දැනටමත් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, රුපියල් මිලියන 400කට අධික ආදායමක් ජනනය කරමින් සහ ප්‍රවේශපත්‍ර 10,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාව තුළ උසස් මට්ටමේ විනෝදාස්වාද අත්දැකීම් සඳහා පවතින වර්ධනය වන ඉල්ලු‍ම පිළිබිඹු කර තිබේ.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා විසින් ඉදිරිපත් කරන “This Is Michael - Relive the Legend˜  ප්‍රසංගය සඳහා විශේෂ සත්කාරක සහකරු ලෙස Imorich” නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස Wijeya Newspapers” ඩිජිටල් මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස HI” එළිමහන් ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස Emerging Media” සිනමා අනුග්‍රාහකත්වය ලෙස Scope Cinemas සහ නිල ගුවන්විදුලි සහකරු ලෙස E FM සිය අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ.

ඡායාරූප: ඉසුරු පෙරේරා