IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් Profood Propack & AgBiz 2025 ප්‍රදර්ශනයේ

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් (පුද්) සමාගම ලංකාවේ ප්‍රමුඛතම ආහාර, ඇසුරුම් හා කෘෂිව්‍යාපාර ප්‍රදර්ශනය වන Profood Propack & AgBiz 2025 සඳහා සහභාගී වූයේ සුවිශේෂී අත්දැකීම් රැසක් ද සමඟිනි. ප්‍රදර්ශනය අගෝස්තු 22 සිට 24 දක්වා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්විණ. ලාංකික ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට කවදත් ගුණාත්මක, නව නිපැයුම් හඳුන්වා දෙමින්ිදේශය පෝෂණය කිරීමේ’ උදාර අරමුණ වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ගෙන යන නොසැලෙන මෙහෙවරෙහි තවත් සුවිශේෂී Profood Propack & AgBiz 2025 ප්‍රදර්ශනයේදී දැකගත හැකි විය. 
ක්ෂේත්‍රයේ සෙසු තරගකාරී සන්නාම, නවෝත්පාදකයන් හා පාරිභෝගිකයන් විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේදී, විවිධත්වයෙන් යුතු සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් නිෂ්පාදන පෙළ ප්‍රදර්ශනය කෙරුණු අතර, බොහෝ දෙනාගේ අවදානය යොමු වූ ප්‍රදර්ශන කුටියක් වූයේ ද සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් කුටියයි. එපමණක් නොව, මෙම ප්‍රදර්ශනයෙන් සමාගමට පාරිභෝගිකයන් හා ක්ෂේත්‍රයේ හවුල්කාර පාර්ශව සමග ඍජුව සම්බන්ධ වීමට අගනා අවස්ථාවක් ද නිර්මාණය කළේය. සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් නිෂ්පාදනවල ගුණාත්මක බව හා ලාංකික ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට ලබා දෙන දායකත්වය විදහා පාන්නට ද මෙය මහඟු‍ අවස්ථාවක් විය. 
සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමේ එක් ප්‍රධානතම අරමුණක් වූයේ, සමාගම මෑතකදී වෙළෙඳපොළට හඳුන්වා දුන් නව සිල්ලර ඇසුරුම් පෙළ සඳහා ප්‍රචාරණයක් ලබා දීමයි. ඒ අනුව සුවිශේෂී මිල ගණන් යටතේ සුපුරුදු පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව හිමි වූ අතර, නව පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගැනීමට ද මේ තුළින් අවස්ථාව උදා විය. එමෙන්ම, ප්‍රවීණ සූපවේදී දුෂ්‍යන්ති මදනායක විසින් මෙහෙයවනු ලැබූ සජීවී බේකිං අත්දැකීම විඳගැනීමට ද පැමිණි පිරිසට හැකි විය. සමාගමේ ප්‍රමුඛතම 7 ීඒර නිෂ්පාදනවල ගුණාත්මක බව සහ විවිධ අයුරින් භාවිත කිරීමේ හැකියාව ද මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙනු ලැබීය. 
නැවුම් බේකිං නිෂ්පාදන රස බැලීමටත්, අදහස් බෙදාහදා ගැනීමටත් ඉඩකඩ විවර වී තිබූ නිසා, සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ප්‍රදර්ශන කුටිය පැමිණි කාහටත් සැබැවින්ම අපූරු රසවත් අත්දැකීමක් තිළිණ කළ තැනක් විය. 
සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගමට මෙම ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන්ම බේකරි, ආහාර නිෂ්පාදන හා තිරිඟු‍ පිටි ආශ්‍රිත විවිධ නිෂ්පාදන සඳහා යොමු වූ ආයතනික ගැනුම්කරුවන් සමඟ ඍජුව සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. සමාගම විසින් හඳුන්වා දී ඇති පුළුල් පරාසයක විහිදුණු නිපැයුම් පෙළේ ඇති විශේෂතා අතර, නිෂ්පාදනවල බහුකාර්ය බව, නොවෙනස් ගුණාත්මක බව හා විවිධ නිෂ්පාදන සඳහා භාවිත කිරීමේ හැකියාව යන ලක්ෂණ කැපී පෙනේ. වෘත්තීය බේකිං හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වසනීය හවුල්කරුවකු ලෙස සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් දිනා ඇති ස්ථානය නැවතත් තහවුරු කරන්නට ද මෙම ප්‍රදර්ශනය ඉවහල් වූ බව සඳහන් කළ හැකිය.



අදහස් (0)

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් Profood Propack & AgBiz 2025 ප්‍රදර්ශනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site