IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙරන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වතුකරයේ ඉහළම අධ්‍යාපන ජයග්‍රාහකයන්ට

2022/2023/2024 උසස් පෙළ විභාගවල කැපී පෙනෙන අධ්‍යයන ජයග්‍රහණ සහ ඉහළම ’ ලකුණු වාර්තා කළ,  ලංකාවේ තේ වතු ප්‍රජාව නියෝජනය කරන විශිෂ්ට සිසුන් දස දෙනකුට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ‘අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන‘ මඟින් වටිනා ශිෂ්‍යත්ව 10ක් පසුගියදා පිරිනමන ලදී.
ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම වන SFML, උසස් නිෂ්පාදනවලින් දේශය පෝෂණය කිරීමට කැපවී සිටින සමාගමකි. පසුගිය වසරේ දියත් කරන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව දෙවන වරටත් 2025 වසරේ පවත්වනු ලබන අතර එය සමාගමේ වඩාත් අර්ථවත් ප්‍රජා සත්කාරක මෙහෙවරක් ද වේ. ශිෂ්‍යත්වලාභීන් විවිධ වතු කලාප නියෝජනය කරන පිරිසක් වන අතර, ඔවුන් නමුණුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, බලන්ගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වතුවලට අයත් සිසුන් වේ. දීප්තිමත් දක්ෂතා පිරි මෙම සිසුන් පිරිස, නැගෙනහිර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල කළමනාකරණය, භෞතික විද්‍යාව, කලා සහ සාම අධ්‍යයනය යන ක්ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමට නියමිතය.
මෙම සිසුන් පිරිසේ කැපී පෙනෙන ජයග්‍රාහකයන් අතර ස්ප්‍රින්ග් වැලි වතුයායේ සත්යවේලු‍ රොජිනී, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේ 46 වන ස්ථානය හිමි කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් නිරාකරණය පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති අතර, හල්ගොල්ල වතුයායේ රවිචන්ද්‍රන් අසෝජ්, දිස්ත්‍රික්කයේ 92 වන ස්ථානය හිමි කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇත.



අදහස් (0)

සෙරන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වතුකරයේ ඉහළම අධ්‍යාපන ජයග්‍රාහකයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site