
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසගත වාර්තාවක් තබමින් ඊයේ (28) ගනුදෙනු අවසානයේදී ඒකක 19,500 සීමාව පසු කළේය. මෙලෙස එම දර්ශකය ඒකක 19,500 සීමාව පසු කළේ ප්‍රථම වරටය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට රෝයල් සෙරමික් ලංකා, මෙල්ස්ටාකෝප්, හේමාස් හෝල්ඩිංග්ස්, CT ෆිනෑන්ස් සහ LB හෝල්ඩිංග්ස් යන සමාගම් ඇතුළුව සමාගම් 97ක කොටස් මිල ඉහළ යාම හේතු වී තිබුණි.
දිනයේ ගනුදෙනු අවසානයේදී S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය. දිනයේ ගනු දෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.16ක් ලෙස සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
568
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 පසුකරයි