IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ

  • සමාගම් 17ක 30,000කගේ රැකිවාත් අනතුරේ
  • රටට ඩො.මි. 500ක් අහිමිවීමේ අවදානමක්
  • ආනයනයේදීත් නිෂ්පාදනයේදීත් බදු

නිමල කොඩිතුවක්කු


 

අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ  සභාපති නලීන් වෙල්ගම මහතා අදහස් දක්වමින්. යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඬේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරු දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද මෙහි වෙති.

රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම නිෂ්පාදකයෝ පවසති.
නව බදු අයකිරීම හේතුවෙන් වාහන නිෂ්පාදන වියදම් වැඩිවීමෙන් කර්මාන්තය අනතුරට ලක්වී එම අවස්ථා ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඇදීයාමේ අවදානමක් පවතින බවද අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා පැවසීය.

මේ හේතුවෙන් ට්‍රක්රථ, යතුරුපැදි මෝටර් රථ ඇතුළු වාහන නිෂ්පාදන සමාගම් 17 ක තිස්දහසකට ආසන්න පිරිසකගේ රැකියා අවදානම් මට්ටමක පවතින බවද ඔහු කීය. 

ඔහු මෙසේ පැවසුවේ කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදීය.

රජය සියයට 30 ක රේගු ආනයන බද්දක් අයකිරීමට කටයුතු කිරීමෙන් වාහන එකලස් කිරීම ඇතුළු දේශීය නිෂ්පාදන බරපතළ කඩා වැටීමේ අවදානමකට පත්වන බවද අමු ද්‍රව්‍ය ගෙන්වීමේදී මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් බදුගෙවීමට සිදුවීමෙන් දේශීය කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුවේ සියලු අංශ  ලිඛිතව දැනුවත් කර ඇති බවත් මේ පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් වෙල්ගම මහතා කීවේය.

මෙම බදු අය කිරීමෙන් ඩොලර් මිලියන 30 ක පමණ ආදායමක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවත් එහිදී නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් ආයෝජකයන් අධෛර්යයට පත්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

 රටට ඩොලර් මිලියන 500 ක පමණ ආදායමක් අහිමිවිය හැකි බවත් පොඩි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් රටට ඇදී එන විශාල ධනයක් අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් ඔහු පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශීය කර්මාන්ත නගාසිටුවීමට පියවර ගනිමින් සිටියදී රජය ගෙනයන මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ආයෝජන සහ නිෂ්පාදන අධෛර්යවත් වන බවත් වෙල්ගම මහතා කීවේය.

මෙම මාධ්‍ය හමුවට යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරුද දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද සහභාගි වූහ. 

 

 



අදහස් (0)

සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site