IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සයිප්‍රසයට තානාපති කාර්යාලයක් විවෘත කිරීම 20 වැනිදා


විමුක්ති එස් රුද්‍රිගු


සයිප්‍රසයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවා ලබාගැනීම පහසු කිරීම සඳහා එළැඹෙන 20 සිට සයිප්‍රසයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලය විවෘත කිරීමට සයිප්‍රස් රජයේද අනුමැතිය හිමිව තිබෙන බවත් තානාපති කාර්යාලය ඇරඹීමට පත්කළ දූත මණ්ඩලය එළැඹෙන 15 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ සිටින බවත් එහි තානාපති කාර්යාලය වසා දැමීමත් සමග තානාපති සේවා ලබා ගැනීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යාමට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින් එරට තානාපති කාර්යාලයක් විවෘත කිරිමට විදේශ කටයුතු අමාත්‍යවරයා තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (0)

සයිප්‍රසයට තානාපති කාර්යාලයක් විවෘත කිරීම 20 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site