භානුක අමරසිංහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. ඒ අනුව ලබන ජූනි 19 වැනිදා මෙම ණයකර මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමට නියමිතව තිබේ.
මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගතහැකි ණයකර නිකුතුවක් ලෙස මෙය විවෘත කෙරෙන බව සමාගම පවසයි. මෙම ණයකර නිකුතුව වසර පහකින් කල් පිරීමට නියමිත අතර සියයට 11.40ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් ඊට හිමි වෙයි.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව පවසයි. එසේම එම නිකුතු දෙකම හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියපත ෆිනෑන්ස් ණයකර නිකුතුවට CSE අනුමැතිය