IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සමන් ජූඞ් ප්‍රනාන්දු සිංහ හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිංහ හොස්පිටල්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සමන් ජූඞ් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 
ජූඞ් ප්‍රනාන්දු මහතා සතුව ඖෂධ, රක්ෂණ, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, කිරි, ඉදිකිරීම් සහ බෙදාහැරීම් යන ක්ෂේත්‍ර ගණනාවක වසර 32කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. එසේම ඒ මහතා වසර 16කට අධික කාලයක් මෙරට ප්‍රධානතම සමාගම් කිහිපයකම ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ධුර දරා ඇත. ආසන්න කාලසීමාවේදී ඒ මහතා හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල් ඇන්ඞ් ඩයග්නෝස්ටික්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා විය. ඊට පෙර ඒ මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. සිංහ හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙන්ම වැඩිම කොටස්හිමිකරුවා වන්නේ අමරකෝන්. එම්. වීරසිංහ මහතාය.



අදහස් (0)

සමන් ජූඞ් ප්‍රනාන්දු සිංහ හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site