IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සමුධි ට්‍රේඩිං සහAMARON 20 වසරක අභිමානය සමරයි

AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ට්‍රේඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය.
 ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර ඇති කරගනු ලැබූ සහයෝගීතාවයේ හා වර්ධනයේ 20 වසරක විශ්වසනීය සබඳතාවයයි. සමුධි ට්‍රේඩිං සහ අමර රාජා එනර්ජි ට්‍රේඩිං යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සුවිශේෂී 20 වසරක සබඳතාව සනිටුහන් කරනු ලැබීය. 
ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට 2005 වසරේදී AMARON හඳුන්වා දුන් දින සිට එය මෙරට මෝටර් රථ බැටරි ක්ෂේත්‍රයේ විශ්වසනීය සන්නාමයක් බවට පත් කිරීම සඳහා සමුධි ට්‍රේඩිං වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. අවම නඩත්තු තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වාසය සමරනAMARON අද වන විට ශ්‍රී ලාංකේය වාහන හිමියන් අතර ජනප්‍රිය සන්නාමයක් බවට පත්ව ඇත.
අලෙවිකරුවන් 50 දෙනකුගෙන් සමන්විත සාමාන්‍ය බෙදාහැරීම් ජාලයක් සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේAMARONඅලෙවිය ආරම්භයේදී ඒකක 1000ක් පමණ විය. එය අද වන විට අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවක් සමඟින් මාසිකව ඒකක 18,000ක අලෙවියක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සුවිසල් වර්ධනයක් අත්පත් කර ගනිමිනි. පාරිභෝගික විශ්වාසය පිළිබඳ නව ප්‍රමිති නිර්මාණය කරමින් සිය නිෂ්පාදන සඳහා වසර 5ක වගකීමක් පිරිනැමූ ශ්‍රී ලංකාවේ පළමු බැටරි සන්නාමය ලෙසදAMARON සඳහන් කළ හැකිය.
මෙම සුවිශේෂී සැමරුම් අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සමුධි ට්‍රේඩිං සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය.“ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් සමගින් පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව පුරා රථවාහන පාරිභෝගිකයන් වෙත වටිනාකමක් හා කාර්යසාධනයක් හිමිකර දෙන සන්නාමයක් ගොඩනැගීමට අපි කටයුතු කළා. අමර රාජා සමාගම සමඟ වන අපගේ හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ හුවමාරු කරගත් වටිනාකම්, දිගුකාලීන කැපවීම හා ශ්‍රී ලංකාවේ වෙනස්වන ප්‍රවාහන අවශ්‍යතා සඳහා නව්‍යකරණ බලශක්ති විසඳුම් ලබා දීමයි. අනුකූලතාව, පාරිභෝගික අවධානය සහ ගැඹුරු වෙළෙඳපොළ අවබෝධයෙන් AMARON ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසදායී බැටරි සන්නාමය බවට සාර්ථකව පත් කිරීමට අපට හැකියාව උදා වුණා. අපගේ නිෂ්පාදන පුළුල් කිරීම, සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ බලශක්ති විසඳුම් සඳහා නව මිනුම් සලකුණු නිර්මාණය කිරීමෙන් වර්ධනයේ ඊළඟ අදියර මෙහෙයවීමට අපි බලාපොරොත්තු වනවා.”



අදහස් (0)

සමුධි ට්‍රේඩිං සහAMARON 20 වසරක අභිමානය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site