
භානුක අමරසිංහ
2024 වසරේදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වැඩිම දායකත්වය සේවා අංශයෙන් ලැබී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එය රැස් කරගත් සමස්ත සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල වටිනාකම වන රුපියල් බිලියන 250.87න් රුපියල් බිලියන 121.51ක් එනම් සියයට 48.43 කි.
එසේම නිෂ්පාදන අංශයෙන් සහ ආනයන අංශයෙන් පිළිවෙළින් රුපියල් බිලියන 64.97ක සහ රුපියල් බිලියන 64.39ක දායකත්වයක් ලබාදී ඇති අතර, එම අගය සමස්ත ආදායමෙන් සියයට 25.90ක් සහ සියයට 25.67ක් ලෙස සටහන්ව තිබේ.
2024 වසරේදී මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බදු යටතේ රැස් කරගත් වටිනාකම වන රුපියල් බිලියන 250.87ක මුදල, 2023 වසරේදී රැස් කරගත් රුපියල් බිලියන 216.18 හා සැසඳීමේදී රුපියල් බිලියන 34.69ක එනම් සියයට 16.05ක වර්ධනයකි. 2024 දී මෙම බදු යටතේ රැස් කිරීමට අපේක්ෂා කළ මුදල රුපියල් බිලියන 250ක් වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර 2024 වසර අවසන් වනවිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 12,097ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2023 වසර අවසන් වන පිට පැවැති 8,107 හා සැසඳීමේදී 3,990 ක ඉහළ යාමකි.
2025 ඔක්තෝබර් මස 08
1950
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1542
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
540
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන්