කොළඹ කොටස් වෙළෙදපොළ ලැයිස්තුගත සමාගම් ගණනාවක් මෙම සතිය තුළ ලාභාංශ ප්‍රකාශයට පත් කළේය. මෙම ලාබ සන්තක කරගැනීමට අභිලාශයක් සහිත ගැනුම්කරුවෝ මිල දී ගැනීමට උන්නදුවක පසුවෙති.
කෙසේ වෙතත් ලාභාංශ සඳහා හිමිකම් දැක්විය හැකි අවසාන දිනයට පසු එම සමාගම්වල කොටස් ඉල්ලුම අඩු විය හැකි බව ගනුදෙනුකරුවන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. ඊයේ ගනුදෙනු සිදු වූ ආකාරය හා සමාන උනන්දුකාරී තත්වයක් අද දිනයේ ද වාර්තා වුවහොත් එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 5000 ඉක්මවන අවස්ථාවක් පවතී.
ඊයේ (මැයි 29) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,815.60 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 102.73 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,963.27 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 44.65 ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 26,417 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 95 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 6,425.82 ක් විය. කොටස් මිලියන 173.8 ක් හුවමාරු වූ බව දැක්වේ. චෙවරන් ලුබ්‍රිකන් කොටසකට රු.4.00 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. රීල් ප්‍රොපටි කොටසකට ශත 55 ක්, යුනයිටඩ් මෝටර්ස් කොටසකට රු. 2.00ක්, ඇල්පිටිය වැවිලි සමාගම කොටසකට රු. 5.50ක්, රෝයල් සෙරමික් කොටසකට ශත හැටක් වශයෙන් ප්‍රතිලාභ ප්‍රකාශ කරයි.
එල්.ඕ.එල්.සී. හෝල්ඩිං රු. මිලියන 358 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 307 ක්, සියෙරා කේබල් රු. මිලියන 205 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 174 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 167 ක්, හේලීස් රු. මිලියන 164 ක්, සම්පත් බැංකුව රු. මිලියන 122 ක්, හැටන් නැෂනල් රු. මිලියන 119 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 99 ක්, කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 98 ක්, කැලණි කේබල් රු. මිලියන 94 ක්, හේලීස් පැබ්රික් රු. මිලියන 90 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 79 ක්, ආගරපතන වැවිලි රු. මිලියන 76 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 75 ක්, සහ ඒ.සී.එල්. කේබල් රු. මිලියන 71 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථාය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාගම් ගණනාවක් ලාභාංශ ප්‍රකාශයට පත්කරයි