IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කෙරේ

කාන්තාවන් සේවයේ යෙදවිය හැකි කාලයේ වෙනසක්


නිමල කොඩිතුවක්කු


සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත මගින් සාප්පු හා කාර්යාල සේවකයන්ට සේවා පහසුකම්, සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධිවිධාන නියම කර ඇති අතර, එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාළ නියෝග නිකුත් කිරීමට බලතල ද ලබා දී ඇත.

දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පුර්ණ වූ යම් සේවිකාවක් නේවාසිකහෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිළි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00 ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකිය.

එසේ වුවද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ ගැටලු‍කාරී තත්ව උද්ගත වන බව පෙන්වා දී ඇත.

ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වැනි නියෝගය සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17574 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site