IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සැප්තැම්බරයේදී නිෂ්පාදන - සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

  • සේවා නියුක්තිය හැර අනෙකුත් සියලු‍ම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක
  • ඇණවුමක් සැපයීමට සැපයුම්කරුට ගතවන කාලය පසුගිය මාසයේදී තවදුරටත් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 55.4 ක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකාව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එහිදී සේවා නියුක්තිය හැර අනෙකුත් සියලු‍ම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුන බවද එම වාර්තාවේ දැක්වේ. නව ඇණවුම් සහ නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා රෙදිපිළි සහ ඇඟලු‍ම් අංශය ඉහළ දායකත්වයක් ලබාදී තිබෙන බව එහි සඳහන් වේ. ඊට අමතරව උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා තොග රැස් කිරීම හේතුවෙන් පසුගිය මාසය තුළදී තොග මිලදී ගැනීම් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව දැක්වේ.

කෙසේ නමුත් සේවා නියුක්ති උප දර්ශකය පසුගිය මාසයේදී කඩඉම් මට්ටමට වඩා පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. එහිදී පුහුණු සේවකයන් රඳවා තබා ගැනීමේ සහ බඳවා ගැනීමේ අසීරුතා බොහෝ ආයතන අවධාරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

ඇණවුමක් සැපයීමට සැපයුම්කරුට ගතවන කාලය පසුගිය මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව ජාත්‍යන්තර නාවික කටයුතුවල සිදුවන ප්‍රමාදය බවට අනාවරණය වූ බවත් එහි සඳහන් වේ.

එහිදී නව ඇණවුම් දර්ශකාංක 59.0ක, නිෂ්පාදන දර්ශකාංක 55.5ක, සේවා නියුක්තිය දර්ශකාංක 46.0ක, තොග මිලදී ගැනුම් දර්ශකාංක 57.5ක සහ ඇණවුමක් සැපයීමට ඇණවුම්කරුට ගතවන කාලය දර්ශකාංක 59.0 ක අගයක් ගත්බව එම වාර්තාවේ දැක්වේ.

උත්සව සමය හේතුවෙන් ඉදිරි මාස තුනක කාලයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවේ සඳහන් වේ.

සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී දර්ශකාංක 58.7 ක අගයක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය මාසයේදී ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන බවත් ඒ සඳහා විවිධ අංශවල සිදුවූ වර්ධනය හේතුවූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. තොග සහ සිල්ලර වෙළෙඳාම් අංශයේ සිදුවූ ශක්තිමත් ක්‍රියාකාරීත්වය ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ යාමට ප්‍රධාන හේතුව බවද එහි දැක්වේ. තවද ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛන්ඩව වර්ධනය වී තිබෙන බවද එහි සඳහන් වේ.

ප්‍රධාන වශයෙන් තොග හා සිල්ලර වෙළෙඳාම මෙන්ම මූල්‍ය සේවා යන අංශවල සිදුවූ වර්ධනයක් සමග පසුගිය මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් දක්නට ලැබුණු බවද එම වාර්තාවේ දැක්වේ. මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම් කීපයක් සිදුකළ නව බඳවා ගැනීම් හේතුවෙන් පසුගිය මාසයේදී සේවා නියුක්තිය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවත් නිම කිරීමට නියමිත කාර්යයන් පෙර මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එහිදී නව ව්‍යාපාර දර්ශකාංක 65.2ක, සේවා නියුක්තිය දර්ශකාංක 53.1ක, නිම කිරීමට නියමිත කාර්යයන් දර්ශකාංක 47.8ක සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකාංක 81.1 ක අගයක් වාර්තා කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

සැප්තැම්බරයේදී නිෂ්පාදන - සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site