IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සදාහරිත සමාගමේ විකුණුම් විශිෂ්ටයන්ට සම්මාන

සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතිය විදහා දැක්වීමක්


‘‘Sadaharitha Forestry Awards 2024’ පසුගියදා අත්තිඩිය Eagles’ Lakeside හි  දී  පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාව​න් ඇගයීමට ලක් විය. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්ව​ය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ සහ ආරාධිත අමුත්තෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

සදාහරිත සමාගමේ දියුණුව වෙනුවෙන් කැපී පෙනෙන ​දායකත්වයක් ලබාදෙමි​න් ඉහළම විකුණුම් දක්​ෂ​තා වාර්තා කළ විශිෂ්ටයන් ඇතුළුව   එම සමාගමේ  විකුණුම් අංශයේ  තවත් අතිදක්ෂයන් පිරිසකට මෙහිදී සම්මාන පිරිනැමිණි. එම සම්මාන ඔවුන්ගේ දක්ෂතාවලට මෙන්ම උනන්දුවට හා කැපවීමට සිදුකෙරුණු සාමාජික සාමාජිකාවන්ටද මහඟු‍ ආදර්ශයක් විය. එමෙන්ම සම්මාන උළෙලේ    සෑම   සම්මානයකින්ම සදාහරිත  සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතිය​ද සංකේතවත් විය. සදාහරිත සමාගම වර්තමානයේ මෙරට අංක එකේ වාණිජ වන වගා කළමනාකරණ සහ හරිත ආයෝජන සමාගමයි. 

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ පැවසීය. “මෙම සම්මාන හුදෙක් පුද්ගල ජයග්‍රහණ ඇගයීමක් පමණක් නොවෙයි. හරිත ආයෝජනය සහ තිරසාර වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අංක 01 සමාගම ලෙස අපගේ සාමූහික ප්‍රගතියට ඉවහල් වූ කැපවීම හා නොපසුබට උත්සාහය ඇගයීමයි. මේ සෑම සම්මානලාභියකුම, විකුණුම් කාර්යසාධනය ඉහළ නංවා ගනිමින් සහ ආයතන​යේ අනාගතය වෙනුවෙන් මහඟු‍ දායකත්වය​ක් ලබාදෙමින් අපගේ ඉදිරි ගමන හැඩගස්වාගැනීමට දායක වී තිබෙනවා. නව මාවත් ගවේෂණය කරමින්, මෙම සාර්ථකත්වයේ ප්‍රවණතාව ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාමට මෙම ජයග්‍රහණ අප සැම දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.” 

සදාහරිත සම්මාන උළෙල ​දී සමාගමට සිය අරමුණු ඉටුකර ගැනීමට නොමඳ දායකත්වයක් ලබා දුන් අලෙවි වෘත්තිකයන් ඇගයීමට අමතරව, සමාගමේ අනාගත සැලසුම් අනාවරණය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීමක්ද සිදුවිය. වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමි​යා ලෙස තමන් දිනාගෙන ඇති කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරගන්නා අතරම තම ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තරය තුළද තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳවද අවධාරන​ය කෙරු​ණි. 



අදහස් (0)

සදාහරිත සමාගමේ විකුණුම් විශිෂ්ටයන්ට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site