අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ස්ථාවරත්වයක පසුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. පසුගිය සතියේ කෙටි උච්ඡාවචන සහිතව ඉදිරියට පැමිණි ගනුදෙනු සිකුරාදා (අගෝ.29) මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල ඒකක 21,000 ඉක්මවා ගියේය. එය මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ ඉහළම අගය බව සඳහන් කළ හැකිය. 2025 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,341.87 ක් වූ අතර, එය මාස අටක් අවසානයේ දී දර්ශක 4,659 කින් ඉහළ ගොස් තිබේ. සියයට 22.1 ක වර්ධනයක් බව සඳහන් කළ හැකිය. කොටස් මිල දී ගැනීමට යුහුසුළු වූ දේශීය සුළු හා ආයතනික ආයෝජන අංශ අද පවතින වර්ධනකාරී ස්ථානයට කොටස් වෙළෙඳාම කැඳවා ඇති බව සඳහන් කළ හැකිය.
විදේශ මිලදී ගැණීම් ඉහළට පැමිණීම මෙදින ගනුදෙනුවල විශේෂත්වයකි. මිල දී ගැනීම් රු. මිලියන 336.9 විකිණීම් රු. මිලියන 152.8ක් වූ අතර කි. රුපියල් මිලියන 184 ක විනිමය මෙරටට ලැබීමක් සනිටුහන් කළේය. ඉකුත් සතියේ අවසන් ගනුදෙනුවල දී (අගෝ 29) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,997.36 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 197.10 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,076.79 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 31.02 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 7.38 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 54,630 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 388.9 ක් විය. සමාගම් 195 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 17 කි. එල්. වී. එල්. එනර්ජි රු. මිලියන 562 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 336 ක්, හැටන් නැෂනල් රු. මිලියන 273 ක්, ජෝන් කීල්ස් හොටෙල් රු. මිලියන 234 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 174 ක් මාරවිල රිසෝට් රු. මිලියන 161 ක්, ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් රු. මිලියන 150 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 134 ක්, ඩයලොග් රු. මිලියන 133 ක් සහ සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 117 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. සන්නිවේදන, ගෘහ උපකරණ, රක්ෂණ, ප්‍රවාහන, බලශක්ති වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම්වල කොටස් සඳහා හොඳ ඉල්ලුමක් තිබුණි. සිල්ලර වෙළෙඳාම සහ මෘදුකාංග හා සේවා ක්ෂේත්‍රවලට අයත් සමාගම්වල කොටස් මිල ගණන් සමස්තයක් වශයෙන් පහත වැටීමක් වාර්තා කළේය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි පසුබිමක්