
භානුක අමරසිංහ
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පිහිටි කැසිනෝවේ මෙහෙයුම් මේ වසරේ අගොස්තු මාසයේදී පමණ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එම සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කරයි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ 2024/25 මූල්‍ය වසර සඳහා වන වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් කරමින් සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.
“සැලසුම් කළ ආකාරයට 2025 අගෝස්තු මාසයේදී විවෘත කිරීම සඳහා මෙම කාමර 113කින් සමන්විත Nuwa හෝටලයේ සහ කැසිනෝවේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින්නේ. ඉදිරි මාස කිහිපයේදී කැසිනෝවට අදාළ ක්‍රීඩා උපකරණ එහි ස්ථාපිත කරනවා.’ යනුවෙන්ද සභාපතිවරයා පවසා ඇත.
ජාත්‍යන්තර කැසිනෝ සමාගමක් වන මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම මගින් මෙම කැසිනෝ මෙහෙයුම් දියත් කිරීමට නියමිතව තිබේ. මීට අමතරව Nuwa සන්නාමයේ ඉහළ මට්ටමේ හෝටලයක් සහ ආපනශාලාවක්ද ඊට ඇතුළත්ව තිබේ.
මෙහිදී එම සමාගම අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 125ක මුදලක් ආයෝජනය කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව හිමි වුණු විශාලතම විදේශ ආයෝජනවලින් එකක් බවත් සභාපතිවරයා පවසයි.
එසේම Nuwa හෝටලයේ සහ කැසිනෝවේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් සහ පුහුණු කිරීම් මේ වනවිට සාර්ථකව සිදු වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ප්‍රමිතීන් අනුව යමින් මෙම හෝටලයේ මෙහෙයුම් කිරීම සඳහා අපි නව සේවකයන් 1400 දෙනකුට අධික පිරිසක් බඳවා ගෙන පුහුණු කර තිබෙනවා.’
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ලෙස සන්නාම වෙනස් කිරීමට පෙර සිනමන් ලයිෆ් හොටේල් ලෙස පැවැති මෙම ව්‍යාපෘතිය 2024 ඔක්තෝබර් 15 වැනිදා සිය මෙහෙයුම් ආරම්භ කළේය. එය සතුව කාමර 687ක හෝටලයක්, ආපනශාලාවක් සහ සම්භාෂන පහසුකම්ද පවතී.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හි කැසිනෝ මෙහෙයුම් ඇරඹීම අගෝස්තුවේදී?