
( තිළිණි ද සිල්වා )
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, සංචාරක වාසස්ථාන සඳහා ලබා දී ඇති විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් සඳහා දීර්ඝ කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සම්බන්ධෙයන් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ලිඛිතව මෙම ඉල්ලීම විදුලි බල මණ්ඩලයට යොමුකර ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති බවත් එය තවමත් යථාතත්වයට පත්ව නොමැති බැවින් අඳාල සහනය තවත් මාස 06කට දීර්ඝ කිරීමට සලකාබලන ලෙසත් අඳාල ලිපිය මගින් ඉල්ලීම් කර ඇතැයි ඇමතිවරයා කියයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සඳහා කිසිඳු විසන්ධි කිරීමකින් තොරව මාස 06ක කාලයක් සමුච්චිත ජල හා විදුලිබිල් පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව විදුලි බල මණ්ඩලය 2020 මාර්තු මස 01 දින සිට අගෝස්තු 31 දක්වා වන විදුලිබිල් පත් 2020 සැප්තැම්බර් 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි වාරික 12කින් ගෙවීම සිදුකිරීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස හා එතෙක් විදුලිය විසන්ධි නොකරන ලෙස සියලු ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන්ට උපදෙස් දී තිබිණ.
COMMENTS
සංචාරක ව්‍යාපාරය යම් කාලයක් ටිකක් සරුවට කරපු අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් උදාහරණයකට මම මවාම ගන්නම්... මම අවුරුදු 13ක් ඩුබායි පොඩි ජොබ් එකක් කරලා ඉතිරිකරපු මුදල දාලා පටන් ගත්තා ගෙස්ට් රූම් 2ක්... මෙහෙ ඉඳන් දරුවොත් එක්ක ඉන්න ආස නිසා... මාසෙ වියදම් ශේප් වුණා. අපි වගේ අය කොච්චර ඇද්ද? රජය කියන්නේ අපි වාහන වලට ලීසින් සහන දුන්නලු. ඒත් අපිට මොන වාහනද? වාහන තියෙන මිනිස්සු ගැන විතරද රජයට මතක් වුණේ...?
හෝටලේ විදුලි, ජල බිල නොවේ. රැකියා අහිමිවුණු සේවකයන්ට යම් සහනයක් දෙන්න බලන්න. ආණ්ඩුව කියන විදිහට ව්‍යාපාරිකයන්ට අඩු පොළී බැංකු ණය වැනි විශාල සහන ලබාදීලා තියෙනවා. නමුත් රැකියා අහිමි වුණු සේවකයාට සහ ඔය සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වී නොමැති කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට මුකුත් නැහැ. පිටරටවල සිරවී සිටින විදේශ ශ්‍රමිකයාත් අනාථ වෙලා. සල්ලි තිබෙන මිනිස්සුන්ට ඇවිත් ලක්ෂ 2-3 ගෙවලා නිරෝධායන හෝටලේ ඉඳලා ගෙදර යන්න පුළුවන්. දුප්පත් අපි මනුස්සයෝ නොවේද? ආණ්ඩුව ගන්න හැම තීරණයම අපහසුතාවයට පත්වෙන්නේ දුප්පත් අපි. අමතක කරන්න එපා අපේ ඡන්දෙ තිබෙනවා. ලබන ඡන්දෙදී 2015 කළා වගේ සර් සමග සෙට් එකම ගෙදර යවනවා.