IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරක පැමිණිම් ලක්ෂ 8 ඉක්මවයි

විමුක්ති එස්. රුද්‍රිගු


මෙම මස පළමු දින 15 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ තිබෙන බවත් ඒ සමග මෙතෙක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 816,191 දක්වා වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සටහන් වේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පළමු දින 15 සමග සංසන්දනය කරන විට මෙම වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 13.42 කින් ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පසුගිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස පසුගිය වසරේ එම කාලය සමග සංසන්දනය කරන විට සියයට 14 ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ දැක්වේ.
අප්‍රේල් පළමු සතියේ දී ශ්‍රී ලංකාව සංචාරකයන් 44,908 ක් පිළිගත් අතර, දෙවැනි සතිය තුළ සංචාරකයන් 44,156 ක් සහ අප්‍රේල් 15 වැනි දින 4,851 ක් පිළිගත්තේය. ඒ අනුව පළමු දින 15 තුළදී මෙරටට දිනකට සාමාන්‍යයක් ලෙස සංචාරකයන් 6,261 මෙරටට පැමිණ තිබිණි. එය පසුගිය වසරේ මෙම කාලය සඳහා වාර්තා කළ දිනක සාමාන්‍ය වන 5,520 සමග සංසන්දනය කිරීමේදී සැලකිය යුතු ඉහළ යාමකි.



අදහස් (0)

සංචාරක පැමිණිම් ලක්ෂ 8 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site