IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සංචාරක පැමිණීම් ලක්ෂ 17 ඉක්මවයි

  • වසරේ මුල් මාස 08 දී සංචාරකයන් 1,725,494ක් පැමිණිලා 
  • 2024ට සාපේක්ෂව 240,686ක වැඩි වීමක්,‍ 2023 ට සාපේක්ෂව 6,428 ක අඩු වීමක්

භානුක අමරසිංහ 


මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 1,725,494ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය 2024 වසරේ එම කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් 1,484,808 හා සැසඳීමේදී සංචාරකයන් 240,686 ක වර්ධනයකි. එහෙත් 2023 වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 1,731,922 හා සැසඳීමේදී එය සංචාරකයන් 6,428 ක අඩුවීමකි. 

සැප්තැම්බර් මාසයේදී පැමිණි වාර්තාගත 158,971 ක සංචරකයන් සංඛ්‍යාවත් සමගින් මෙලෙස ලක්ෂ 17 ක සංචාරක පැමිණීම් ප්‍රමාණය සටහන්ව තිබේ. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 122,140 ක් විය. 

වසර තුළ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාවෙන් සටහන්ව ඇති අතර, එය 375,292 කි. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 161,893 ක්ද, රුසියාවෙන් සංචාරකයන් 122,144ක්ද පැමිණ තිබේ. එසේම ජර්මනියෙන් සහ චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 106,988ක් සහ 101,590ක් වෙයි. 

ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 77,380ක්ද, නෙදර්ලන්තයෙන් සංචාරකයන් 52,210ක් පැමිණ තිබේ. එසේම එක්සත් ජනපදයෙන් සහ බංග්ලාදේශයෙන් පිළිවෙළින් සංචාරකයන් 48,174ක් සහ 45,438ක් ලෙස පැමිණ තිබේ. 

මෙම වසර තුළදී සංචාරකයන් ලක්ෂ 30ක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ වී තිබූ නමුත්, පසුව එම ඉලක්කය සංචාරකයන් ලක්ෂ 26ක් දක්වා අඩු කෙරිණි.  



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ 17 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site