විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 16 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 613,728 ක් පැමිණ ඇති අතර මෙම වසරේ ඉලක්කය වන සංචාරකයන් මිලියන තුන සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 2,386,272 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.
එසේම මෙම මස පළමු දින 16 තුළදී මෙරටට සංචාරකයන් 120,750 ක් පමණ තිබූ අතර මෙම මස ඉලක්කය වන 302,803 සපුරා ගැනීමට සඳහා තවත් 182,053 සංචාරකයන් පිරිසක් ඉතිරි දින 15 තුළදී මෙරටට පැමිණිය යුතුව තිබේ. පළමු දින 16 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 19,317 කි. එහිදී දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය ජර්මනියටත් හිමිව ඇති අතර රුසියාවේ සංචාරකයන් 16,562 ක් සහ ජර්මනියෙන් සංචාරකයන් 10,982 ක් පළමු දින 16 තුළදී මෙරටට පැමිණ ඇත.
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 16 වැනිදා දක්වා කාලයේදීද වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 98,420 කි. එහිදී සංචාරකයන් 80,953 ක් පැමිණි රුසියාවට දෙවැනි ස්ථානයත් සංචාරකයන් 58,124 ක් පැමිණි එක්සත් රාජධානියට තෙවැනි ස්ථානයත් හිමිව ඇත.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක පැමිණීම් ලක්ෂ හය පන්නයි