විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමට අවශ්‍ය දීර්ඝ කාලීන සැලසුමක් සකස් කිරීමටත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කර තිබෙන බවත්, එහි සාමාජිකයන් නම් අද (25) දින ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එම විශේෂ කාර්ය සාධක බළකායේ සභාපතීත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට හිමිවනු ඇති බවත්, කමිටුව සාමාජිකයන් 28 දෙනකුගෙන් යුක්ත වනු ඇති බවත් සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය. සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එම කාර්ය සාධක බළකායට ඇතුළත් වනු ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.
කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් වුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවැරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ කාර්ය සාධක බළකාය පිහිටුවා ඇත.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම ඇතුළු කාර්යයන් රැසක් ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් සිදු කෙරෙනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පැවැරෙන කාර්යයන් සිදුකර වසර දෙකක් තුළ ඊට අදාළ වාර්තාව කමිටුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇති බවත් සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරයි