IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තයට ශක්තිමත් ආරම්භයක්

  • වසරේ මුල් දින පහේදී සංචාරකයෝ 40,000ක් මෙරටට
  • 2024 පළමු දින පහේ පැමිණි 32,453‍ට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන් 39,415ක් ඇවිත්
  • දෛනික සංචාරක පැමිණීම් පෙර වසරේ 6,491 සිට මේ වසරේ 7,883ක් දක්වා ඉහළට

2025 වසර ආරම්භවී ගත වූ මුල් දින පහක කාලය තුළදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 40,000කට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)  නිකුත් කළ අලු‍ත්ම දත්ත වාර්තා පවසයි. ඒ අනුව මෙය මෙරට සංචාරක කර්මාන්තය සඳහා ඉතාමත් ශක්තිමත් ආරම්භයක් ලෙසටද සඳහන්ව තිබේ.

මෙම දත්ත වාර්තා සඳහන් කරන ආකාරයට 2025 වසරේ ගත වූ පළමු දින පහක කාලය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 39,415 කි. එය පෙර වසරේ එම දින කිහිපය තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 32,453 හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයකි. 

ඒ අනුව මෙම තත්වය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සාධනීය වර්ධනය පෙන්නුම් කරන අවස්ථාවක් ලෙසද සැලකෙයි. විශේෂයෙන්ම 2025 වසර ආරම්භයේදීම මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මෙම දත්ත වාර්තා අනුව මේ වසර ආරම්භයේ සිට දිනකට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 7,883ක් ලෙස සටහන්ව ඇත. පෙර වසරේ පළමු දින පහ තුළ දිනකදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 6,491කි.

මේ අතර වසර ආරම්භයේදී මෙරට පැමිණි සංචාරකයන් පැමිණි රටවල් අනුව සැලකීමේදී සංචාරකයන් 6,481ක් සමගින් රුසියාව පෙරමුණේ සිටියි. එසේම ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 6,183 කි. තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2,928 කි. 

මෙම රටවලට අමතරව මෙම දින කිහිපයේදී කැපී පෙනෙන සංචාරක පැමිණීම් වාර්තා වූ රටවල් වන්නේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, පෝලන්තය, ප්‍රංශය, චීනය සහ නෙදර්ලන්තයයි. 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වසරේදී සංචාරකයන් මිලියන 3ක පිරිසකගේ ඉලක්කයක් බලාපොරොත්තුව සිටින අතර, ඒ හරහා ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගැනීම අපේක්ෂාව වී තිබේ. එසේම එහි දිගුකාලීන දැක්ම යටතේ වසර 2030 වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක ඉලක්කයක් වෙත යමින් ඩොලර් බිලියන 8.5ත් 10ත් අතර ආදායමක් උපයාගැනීමද සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් ගතවුණු 2024 වසරේදී ශ්‍රී ලංකාවට සිය සංචාරකයන් මිලියන 2.1ක ඉලක්කය අහිමි වී ගිය අතර, එම වසරේදී පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2.05ක් ලෙස සටහන්ව තිබේ. දත්ත වාර්තා අනුව මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව ලෙසින්ද සැලකෙයි. 

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී අදහස් දැක්වීමක් කළ ශ්‍රී ලංකා සංචරණයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා, මෙම මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වඩාත් ධනාත්මක ආකාරයෙන් ලෝකය වෙත රැගෙන යාමේ අරමුණින් ජාතික සන්නාමයක් එළිදක්වන බවද ප්‍රකාශ කළේය.


භානුක අමරසිංහ



අදහස් (0)

සංචාරක කර්මාන්තයට ශක්තිමත් ආරම්භයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site