IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සංචාරක කර්මාන්තයට ඩිජිටල් පරිවර්තනයට වීසා සහාය

 

  • වීසා ආසියා - ශාන්තිකර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණයක්
  • වීසා සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතිකරගත් හවුල්කාරිත්වය මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිස වැඩි කිරීමට හේතුවක්
  • සංචාරක ව්‍යාපාරයට අදාළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් සහ මූල්‍ය සාක්ෂරතා පුහුණුව

විමුක්ති එස්. රුද්‍රිගු


වීසා ආසියා - ශාන්තිකර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ආසියා ශාන්තිකර කලාපයේ වීසා සභාපති පැසිෆික් ස්ටීවන් කාර්පින් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරට එම්.අයි.සී.ඊ කාණ්ඩයේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වීමේ අරමුණින් එම සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන බවත් ඒ සඳහා වන ගිවිසුමට වීසා සහ ශ්‍රී ලංකාව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පසුගියදා අත්සන් තැබූ බවත් කාර්පින් මහතා පැවසුවේය. එම්.අයි.සී.ඊ කාණ්ඩය යනු රැස්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ දීමනා ආදිය පදනම් කරගත් සංචාරක අංශය වේ.
වීසා සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඇතිකරගත් හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික දියුණුව සඳහා වීසා හි කැපවීම යළි තහවුරු කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවද කාර්පින් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ වීසා හවුල්කාරිත්ව ගමන්මගේ වැදගත් ස්ථානයක් ආසියා - ශාන්තිකර සමුළුව සනිටුහන් කරන බවත් එය සංචාරක ව්‍යාපාරය, ඩිජිටල්කරණය සහ මෙරට ජනතාවට දැරිය හැකි මිලකට මූල්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබාදීමේ රජයේ ප්‍රමුඛතාවට අනුකූල වන බවත් ඒ මහතා පැවැසුවේය.
ඩිජිටල් පරිවර්තනයෙන් සහ සංචාරක කර්මාන්තයෙන් ලබාගන්නා ආර්ථික ප්‍රගතිය ශ්‍රී ලංකා ගමනේ වැදගත් කොටසක් බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් දක්වා යන ගමනට සහාය දැක්වීමට හැකිවීම පිළිබඳව වීසා සමාගම ආඩම්බර වන බවද කාර්පින් මහතා පැවැසුවේය. වීසා සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතිකරගත් හවුල්කාරිත්වය මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිස වැඩි කිරීමට පමණක් නොව පැමිණෙන පිරිසට අසීමිත, ආරක්ෂාකාරී, ඩිජිටල් සංචාරක අත්දැකීමක් ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ගෙවීම් අත්දැකීම් වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීම සහ අංශය පුරා මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම මගින් සංචාරක කොරිඩෝව ඩිජිටල්කරණය කිරීමට වීසා කටයුතු කරමින් සිටින බවද කාර්පින් මහතා පැවැසුවේය. මෙම මුලපිරීමේ කොටසක් ලෙස, සංචාරක ව්‍යාපාරයට අදාළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් සහ මූල්‍ය සාක්ෂරතා පුහුණුව ලබාදීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව වීසා සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවද කාර්පින් මහතා ප්‍රකාශ කළේය.
මෙම පුහුණු කිරීමේ මොඩියුල සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඩිජිටල් වේදිකාවලට මාරුවීමට, ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ තිරසාර ලෙස වර්ධනය වීමට මෙම පුහුණු කිරීමේ මොඩියුල උපකාරී වනු ඇති බවද ඔහු පැවැසුවේය.
පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ආසියා ශාන්තිකර කලාපයේ වීසා සභාපති පැසිෆික් ස්ටීවන් කාර්පින් මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

සංචාරක කර්මාන්තයට ඩිජිටල් පරිවර්තනයට වීසා සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site