IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සිංගර් සමාගමෙන් නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී Piaggio Apé ත්‍රිරෝද රථෙයහි නවතම නිෂ්පාදන පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්ව ඇති Piaggio සන්නාමය සම්පූර්ණ වශයෙන් මෙරට වෙළෙඳපොළට පිවිසීම සඳහා විශ්වාසනීය සිංගර් ශ්‍රී ලංකා සමාගම තෝරා ගැනීම විශේෂත්වයකි.
මෙම නවතම Piaggio Apé ත්‍රිරෝද රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තුලින් ජනතාවගේ ජීවනෝපාය අවස්ථාවන් ඉහළ නැංවීම සිංගර් සමාගමේ ප්‍රමුඛ අරමුණක් වේ. ඒ මගින් ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමටත් මෙරට දුෂ්කර ප්‍රදේශ සහ මාර්ගවල ප්‍රවාහන විසඳුම් සැපයීමටත් සිංගර් සමාගම මේ තුළින් බලාපොරොත්තු වේ.
මෙම නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ හරහා පහසු ප්‍රවාහන විසඳුම් සැලසීමට සිංගර් සමාගම කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට සහනයක් වෙමිනි. මගී ප්‍රවාහනය, භාණ්ඩ බෙදාහැරීම හා කුඩා පරිමාණ ව්‍යාපාර අවශ්‍යතා සපුරාගැනීමට ඒ තුළින් ඉමහත් පහසුවක් සැලසේ. එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ විශ්වාසදායී හා මනා ඉන්ධන අරපිරිමැස්මක් සහිත ප්‍රවාහන විසඳුම් සලසා ගැනීමට හැකියාව උදා වීමයි.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. “නවතම Piaggio Apé ත්‍රිරෝද රථ මෙරටට හඳුන්වාදීම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රවාහන පහසුකම්, ආදායම් මාර්ග මෙන්ම ජීවනෝපාය අවස්ථා ඉහළ නැංවීමේ ප්‍රමුඛ පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ව්‍යාපාරික දියුණුවේ වැදගත් සාධකයක් වන දුෂ්කර ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ට ආදායමක් උපයා ගැනීමට, ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙන්ම ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට කදිම අවස්ථාවක් උදා කර දෙනවා.” 
ලොව පිළිගත් ඉතාලි තාක්ෂණය හා සුවිශේෂී ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟින් Piaggio දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ 100,000කට අධික Piaggio රථ වාහන ප්‍රමාණයක් භාවිත කරනු ලබයි.
Piaggio Apé හි 435 CC එන්ජිමක් සහිතDiesel Cargo Model ^Ape xtra DX& ඩීසල් වාහන මාදිලිය නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හිද භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා සුදුසුය. එහි ඇති වැඩි දියුණු කළ බර ඉසිලීමේ හැකියාව හා මනා ඉන්ධන පිරිමැස්ම හේතුවෙන් අවම පිරිවැයකින් බොහෝ සේවා සිදු කර ගැනීමට හැකියාව උදා වේ. ඒ නිසාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, වෙළෙන්දන්ට හා බෙදාහැරීම් කටයුතු සිදු කරන්නන්ටApe Xtra DX සුවිසල් සහනයක් සලසනු නිසැකය. අවම පිරිවැයක් සමඟින් විශ්වාසදායී ප්‍රවාහන විසඳුමක් ගෙන එනApe Xtra DX විවිධ ආදායම් මාර්ග සකසා ගනිමින් දියුණුවේ මාවත විවර කර ගැනීමේ හැකියාව උදා කර දෙයි. එසේමApe Xtra DX විවිධ වර්ණයන් කිහිපයකින් මිලදී ගැනීමේ හැකියාවද දැන් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වී තිබේ.

 



අදහස් (0)

සිංගර් සමාගමෙන් නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 74 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site