IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිකුරාදා ගනුදෙනු මෙම සතියට අලුත් ආරම්භයක්ද ?

දින විසි හයකට පසු 2025 වසරේ පළමු සතියේ අවසන් දිනයේ දී ගනුදෙනු අවසන් කළ පසු එනම් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පිරිහීමක් වාර්තා කළේය. අදින් ඇරඹෙන සතිය සඳහා අලුත් උද්දාමයක් සහිතව කොටස් මිලදී ගැනීමේ අරමුණ ඇති සුළු ආයෝජකයන් ලාභ සහිතව කොටස් විකිණීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් වෙතැයි සැලකේ.
සියලු කොටස් මිල දර්ශකය 16,049.42 ක් වූ අතර එය දර්ශක 299.13 ක පහළ යාමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,926.82 ක් වශයෙන් දර්ශක 46.05 ක පිරිහීමකි’. ජනවාරි 03 පිරිවැටුම රු. බිලියන 11.48 ක් විය. මෙයින් රු. බිලියන 1.03 ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් කොටස් සඳහා වීම විශේෂත්වයකි. ජොන් කීල්ස් සමාගමේ රු. මිලියන 882 කොටස්, හැටන් නැෂනල් බැංකුවේ රු. මිලියන 401 ක කොටස්, සම්පත් බැංකුව රු. මිලියන 350 ක කොටස් හා එල්.ඕ.එල්.සී. රු. මිලියන 305 ක කොටස් දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
මෙදින ගනුදෙනු 70,818 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 175 ක කොටස් මිල පහත වැටී තිබුණි. සමාගම් අසූවක පමණක් කොටස් මිල ඉහළ ගියේය. ඩීමෝ, සෙංකඩගල ෆිනෑන්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, ලයන් බෲවරි, හන්රේස් සහ කැගල්ල වැවිලි සමාගම්වල කොටස් ප්‍රධාන වශයෙන් කැපි පෙනෙන ලෙස ඉහළ ගියේය. සිලෝන් බෙවරේජස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, සෙරන්ඩිබ් ලෑන්ඩ්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ ලංකා දුම්කොළ යන සමාගම් පහත වැටුණු කොටස් මිල සම්බන්ධ ලැයිස්තුවේ ඉහළින්ම පසු විය.
එස්.එම්.බී. ලීසිං, ඉන්ඩ්‍රස්ට්‍රියල් එස්පතාස්, වස්කඩුව හොටෙල්, යු.බී.ෆිනෑන්ස්, හික්කඩුව බීච්, ටීස් ඇග්‍රෝ සහ හෙළ ඇපරල් යන සමාගම් වල කොටස් හිමියෝ සිය කොටස් විකිණීම සඳහා වැඩිම උත්සාහයක් ගත්හ. විදේශ ආයෝජකයන් රු. මිලියන 444.92 ක කොටස් මිල දී ගත් අතර විකිණීම් රු. මිලියන 302.95 ක් වශයෙන් සනිටුහන්ව තිබුණි. රටට ලැබුණු ශුද්ධ විනිමය ආදායම රු මිලියන 141.97 ක් බව දැක්විය හැකිය.
මෙම ප්‍රවණතාව ඉදිරි සතියේ දී ද පැවැතියහොත් වෙළෙඳපොළ ගනුදෙනු සක්‍රීයව පවතින්නට ඉඩ තිබේ. වෙළඳපොළ ප්‍රවණතා සඳහා සාධක රට තුළ පවතී. බදු අය කිරීම හා වාණිජ බැංකු පොලී අනුපාත ආයෝජකයන් තවදුරටත් කැඳවනු ඇත. කෙසේ වෙතත් මිශ්‍ර ආයොජන රටාවකට රට තුළ අවස්ථාව තිබිය යුතුවේ. කොටස් වෙළෙඳාම හුදෙක් ප්‍රාග්ධන අවශ්‍යතා සැපැයීමක් වන අතර මෙම සමාගම්වල කොටස් මිල වර්ධනය යනු ආර්ථිකය දියුණු කරන නිස්පාදනන දායකත්වයක්ම නාවන බව ද පෙන්වා දිය හැකිය.
නිරීක්ෂක



අදහස් (0)

සිකුරාදා ගනුදෙනු මෙම සතියට අලුත් ආරම්භයක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site