IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ෂෙල් ඉන්ධන සිල්ලර වෙළෙඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් හවුල්කාරිත්වයෙන් ඇරැඹේ

විශ්වාසනීය ලෙස ඉන්ධන බෙදීමේ විකල්පයක්
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයට ප්‍රබල දායකත්වයක්


ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී.එස්. කුරේ පිරවුම්හලේදී ඊයේ (26) විවෘත විය. ඒ, ෂෙල් බ්‍රෑන්ඞ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පෞද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම්වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළෙඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවය.

ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමාසහිත RM පාර්ක්ස් පෞද්ගලික සමාගම, ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රවලට ඉන්ධන සපයන්නාවූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර, සහ RM Parks Inc. සමාගම උතුරු ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ෂෙල් ඉන්ධන බෙදාහැරීමේ පළපුරුද්ද ලත් සමාගමකි.

ආර්.එම්. පාර්ක්ස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කරනු ඇත. මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

ට්‍රයිස්ටාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) යුජීන් මේන් මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ ඉදිරි ගමනට වැදගත් ගුණාංගයක් එක් කරයි. එය RM Parks ආයතනයේ ඉන්ධන බෙදාහැරීම් සහ ට්‍රයිස්ටාර් සමූහයේ ශක්තිමත් ලොජිස්ටික් හා සැපයුම් දාම ක්‍රියාකාරිත්වය එකට එක් කරයි. මෙම හවුල්කාරිත්වය ඉලක්ක කරන්නේ හොඳම ජාත්‍යන්තර ක්‍රමවේද, උසස් සේවා ප්‍රමිති සහ නවෝත්පාදන ඉන්ධන විසඳුම් ශ්‍රී ලංකා භාවිත කරන්නන්ට ප්‍රයෝජනයක් වන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම් බිම්කථනය වර්ධනය කිරීමයි.”‍

ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්. හි සභාපති, ජේසන් කැලිසන් මහතා මෙසේ පැවසීය. ‘‘අපි ශ්‍රී ලංකාවේ අපගේ පළමු ෂෙල් සන්නාමය ලබා ඇති පිරවුම්හළ විවෘත කරමින් සිටින අද දිනය අනර්ඝ පියවරක් ඉදිරියට තබන දිනයක් වනවා. සියවසකට වඩා කාලයක් තිස්සේ ෂෙල් ලෝකය පුරා ඉහළම ගුණාත්මකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය සඳහා නමක් ලබා ඇති සන්නාමයක්. ෂෙල් සන්නාමය, ඉන්ධන හා ලු‍බ්‍රිකන්ට්ස් ගුණාත්මකභාවය සඳහා පමණක් නොව, තිරසාර බව, තාක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා නොසැලෙන කැපවූවකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තුන්වැනි පරම්පරාවේ ඉන්ධන අලෙවිකරුවකු වන ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්., ලෝකයේ ඉහළම බලශක්ති ලොජිස්ටික් සමාගක් වන ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරය සමඟ ඒ ප්‍රෞඩ උරුමය සමඟ ශ්‍රී ලංකාවට එළඹ එහි ඉදිරි වර්ධනය සහ සංවර්ධනය සඳහා හවුල්කරුවකු ලෙස එක්වීමට උද්යෝගිමත්ව බලා සිටිනවා. අපට මෙම අවස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලාංකේය ජනතාවට ස්තුතිවන්ත වන අතර, ඔවුන්ට ගෞරව කරමින් ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් අපි කැප වන බව ප්‍රකාශ කරමු.”‍

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. ”‍ශ්‍රී ලංකාව තුළ ෂෙල් සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් දියත් කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, ඉන්ධන හිඟයකට මුහුණ දී සිටි රටකට විශ්වාසදායක ලෙස ඉන්ධන බෙදා හැරීමේ විකල්ප සපයයි. බෙදාහැරීමේ සහ සේවා විශිෂ්ටත්වයේ කීර්තිමත් ප්‍රමුඛයකු වන කැලිෆෝනියාවේ ආර් එම් පාර්ක්ස් ඉන්කෝපරේෂන් ආයතනය සමඟ මෙහෙයවනු ලබන මෙම හවුල්කාරිත්වය ලොව පුරා බලශක්ති අභියෝග සඳහා ඇමරිකානු ව්‍යාපාර විසඳුම් සපයන ආකාරය විදහා දක්වයි. රැකියා උත්පාදනය, අඛණ්ඩ සහ ස්ථාවර ඉන්ධන සැපයුම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.”‍

ෂෙල් මොබිලිටිහි බලපත්‍රලාභී වෙළෙඳපොළේ සාමාන්‍ය අධිකාරි ෆ්ලෙවියා රිබෙයිරෝ පෙසන්හා මහත්මිය මෙසේ පැවසුවාය: ”‍මේ විවෘත වන්නේ ඉදිරි මාස සහ වසර කිහිපය තුළ විවෘත වීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සමුදායේ ප්‍රථම පිරවුම්හලයි. ශ්‍රී ලංකාවේ නගරවල සහ ප්‍රධාන මං මාවත්වල ෂෙල් සන්නාමය දැකීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ලොව පුරා රියදුරන් අතරින් දිනපතාම මිලියන 33ක් පමණ රියදුරන් ෂෙල් සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙනවා. ඒ, දිනෙන් දින වැඩි දියුණුවෙන අනර්ඝ තත්වයේ ඉන්ධන මෙන්ම, සුහද පිළිගැනීමක් සමගම සුවපහසුව ලබා දෙන විවේකයක් ලබා ගැනීමටයි. ෂෙල් සේවා මධ්‍යස්ථාන සිය සේවා දායකයින්ට පහසුකම්, උසස් තත්වය සහ තෝරා ගැනීමට විවිධ දෑ මෙම මධස්ඨාන ලබා දෙයි.”‍ 

 



අදහස් (0)

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළෙඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් හවුල්කාරිත්වයෙන් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site